කොරෝනා රෝගීන් ගමන් ගත් බස් රථ මෙන්න

කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් ගමන් ගත් බස් රථ 6ක්  හදුනාගෙන  ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. 01 කඩවත – ...



කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ පුද්ගලයින් ගමන් ගත් බස් රථ 6ක්  හදුනාගෙන ඇති බව ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා.

01 කඩවත – ගාල්ල (ND-7323)

02 කොළඹ – මැදගම, 

03 මාකුඹුර -ගාල්ල, 

04 කොළඹ – යාපනය, 

05 ඇල්පිටිය – කොළඹ, 

06 කඩවත – අම්බලන්ගොඩ 

කඩවත සිට ගාල්ල බලා පසුගිය 4 වනදා ධාවනය වූ කටුබැද්ද ඩිපෝවට අයත් එන්.ඩී. – 7323 දරණ බස් රථයේ අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කළ මගී ජනතාවට යළි දැනුම්දීමක් කර තිබෙනවා.

ඒ, එම මගීන්ට ළඟම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත වාර්තා කරන ලෙස ඉල්ලමින්.

මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්තශාලාවේ සේවය කළ කාන්තාවක් එම බසයෙන් ගාල්ලට පැමිණ තිබුණා.

කොරෝනා ආසාදිත බවට තහවුරුකරගෙන ඇති ඇය මේ වන විට කාත්තණ්කුඩි රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බස් රථය කඩවතින් ගමන් ආරම්භ කර ඇත්තේ පසුගිය 4 ඉරිදා උදෑසන 6.30ටයි.

රථයේ 35 දෙනෙකුට ආසන්න පිරිසක් ගමන් කර ඇති බවට තොරතුරු අනාවරණ වී ඇති අතර බස් රථයේ ගමන් ගත් පිරිස අතරින් ඉදිරිපත්ව සිටියේ රියදුරු සහ රිය සහායක පමණයි.

බස් රථයේ ගමන් ගත් මගීන් සියලු දෙනා වහා ළගම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයකට හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වෙත වාර්තා කරන ලෙස බෝපේ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉල්ලා සිටියා.

නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ  ප්‍රවාහන සේවා භාවිත කරන ජනතාව ඒ පිළිබඳ තොරතුරු රැස්කර තබා ගන්න ලෙසයි.    

සුඛෝපභෝගී බස් රථවලට මගීන් ගොඩවීමට පෙර ශරීර උෂ්ණත්ව පරීක්ෂා කළ යුතු බව යි ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා දන්වා සිටින්නේ.

සියළුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවය කරන පුද්ගලයින්ගේ තොරතුරු යාවත්කාලීන කරන ලෙසට පොලීසිය ඉල්ලීමක් කරනවා.


දින තුන ඇතුළත අදාළ තොරතුරු යාවත් කාලීන කරන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඉල්ලීමක් කළේ.

Related

Local 4966592025074464689
item