වසර 233ක MCC ඉතිහාසය වෙනස්ම කරමින් සංගාගෙන් පසු සභාපතිධූරය කාන්තාවකට

එංගලන්තයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී) මීළඟ සභාපතිධූරයට කාන්තාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා. එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු...




එංගලන්තයේ මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ (එම්.සී.සී) මීළඟ සභාපතිධූරයට කාන්තාවක් පත් කිරීමට තීරණය කර තිබෙනවා.


එංගලන්ත කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාවක වන CLARE CONNOR එම ධූරයට නම් කර ඇති අතර, ඒ පිළිබදව ඊයේ (24) පැවැති වාර්ෂික මහා සභා රැස්වීමේ දී ප්‍රකාශයට පත් කෙරුණා.

වත්වන් සභාපති කුමාර් සංගක්කාර මහතා විසින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ සිට ඒ බව නිවේදනය කළ බවයි එම්.සී.සී ක්‍රීඩා සමාජය සඳහන් කළේ.

ඒ අනුව වසර 233ක් පැරැණි මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිධූරයට පත් වන පළමු කාන්තාව ඇයයි.


CLARE CONNOR 2021 ඔක්තෝබර් පළමු වැනිදා ධූරයේ වැඩ භාර ගනු ඇති.


කුමාර් සංගක්කාරගේ වසරක ධූර කාලය මෙම වසරේ ඔක්තෝබර් පළමු වැනිදා වන විට අවසන් වීමට නියමිතව තිබුණ ද, කොරෝනා වසංගත අර්බුදයෙන් සිදු වූ බලපෑම සැලකිල්ලට ගනිමින් ඔහුට තවත් වසරක දිගුවක් භාර ගන්නා ලෙසටයි   ආරාධනා කර ඇත්තේ.

සංගක්කාර,  එම් සී සී සභාපති ධූරයට පත් වූ බ්‍රිතාන්‍ය ජාතිකයෙකු නොවන ලොව පළමු පුද්ගලයායි.

Related

Top 4341346107504076219

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item