ලෙඩ හැදුණු බව කී කරුණා අම්මාන් අද CIDයට එයි

කරුණා අම්මාන් ප්‍රකාශයක්  ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා. විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අම්පාර ප්‍...



කරුණා අම්මාන් ප්‍රකාශයක්  ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අම්පාර ප්‍රදේශයේ  ආන්දෝලනාත්මක කරුණු දැක්වීමක් කර තිබුණා.

එහි දී ඔහු සඳහන් කර ඇත්තේ තමා කොරෝනා වෛරසයට වඩා භයානක වන අතර කොරෝනා වෛරසයෙන් පුද්ගලයින් 9 දෙනෙකු පමණක් මිය ගියත් තමන් අලිමංකඩදි එක රැයකදි දෙදහසත් තුන්දහසත් අතර හමුදාවක් මරා දැමු බවයි.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිගේ උපදෙස් මත විමර්ශනයක්  ආරම්භ කර තිබෙනවා.

ඊට අදාළව කරුණා අම්මාන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනිම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙසයි ට පසුගිය ජූනි මස 23 වන දා දැනුම් දී තිබුණේ.

කෙසේ වෙතත්  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බවයි  කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් දන්වා තිබුණේ.

ඒ අසනීප තත්වයක් බව පවසමින්.

Related

Top 962616181818096461
item