එම්.සී.සී. සමාලෝචන කමිටු අවසන් වාර්තාව අද ජනපතිට (PHOTOs)

සහශ්‍ර අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් එම්.සී.සී. සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද භාරදීමට නියමිතව ති...


සහශ්‍ර අභියෝගතා සමායතන යෝජනාවලිය හෙවත් එම්.සී.සී. සමාලෝචනය කිරීමේ කමිටු අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අද භාරදීමට නියමිතව තිබෙනවා.

එම වාර්තාව ඊයේ දිනයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට  භාර දුන්නා.

එය කැබිනට් මණ්ඩලය වෙත ද ඉදිරිපත් කිරීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. 

එම්.සී.සී. සමාලෝචන කමිටුව විසින් එම්.සී.සී. ගිවිසුම, මාස හයක කාලයක් අධ්‍යයනය කළ අතර, ඊට විවිධ ක්‍ෂේත්‍රයන්හි අදහස් හා යෝජනාද සැළකිල්ලට ගනු ලැබුවා.

කැබිනට් අනුමැතිය සහිතව පත් කළ එම්.සී.සී. සමාලෝචන කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතායි.


සභාපති – කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ මහාචාර්ය ලලිත සිරි ගුණරුවන් මහතා
සාමාජිකයන්
ප්‍රවාහන අර්ථ ශාස්ත්‍රඥ ඩි .ස් ජයවීර මහතා

ජනාධිපති නිතිඥ නිහාල් ජයවර්ධන මහතා

වරලත් වාස්තු විද්‍යාඥ නාලක ජයවීර මහතා



Related

Top 4506288442202896717
item