ක්‍රිකට් පාවාදීම : මහින්දානන්ද ළඟ රහස් ලියවිල්ලක් (VIDEO)

ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා පාර්ශවය විසින් පාවාදී ඇති බවට මේ දක්වා කිසිඳු සාක්ෂියක් තමන් වෙත ලැබී නොමැති බව ක්‍රිඩා...




ලෝක කුසලාන තරගාවලියේ අවසන් තරගය ශ්‍රී ලංකා පාර්ශවය විසින් පාවාදී ඇති බවට මේ දක්වා කිසිඳු සාක්ෂියක් තමන් වෙත ලැබී නොමැති බව ක්‍රිඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසනවා.

ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

කෙසේ වෙතත් 2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය පාවාදුන් බවට සැකසහිත කරුණු 24ක්  අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දුන් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට  තමන් කළ ප්‍රකාශයට අදාළ පිටු හයකින් සමන්විත පැමිණිල්ලක් අද පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දුන් බවයි හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා කියා සිටියේ.

අදාළ ප්‍රකාශය පිළිබඳව අද පෙරවරු 6.30ට පමණ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඒ මහතාගේ නාවලපිටියේ පිහිටි කාර්යාලයේ දී ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් ප්‍රකාශයක් සටහන් කර ගත්තා.

එම ප්‍රකාශ අනුව ඉදිරි විමර්ශන ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ඇති.

ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව හිටපු අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කළා.



Related

Top 3565672583101512199

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item