මෙරට කොරෝනා ආසාදිතයන් 2000ත් ඉක්මවයි

මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2001 දක්වා ඉහළ  ගියා. ඒ අද ආසාදිතයන් 10 දෙනෙකු හමුවීමෙන්. අද (24) පස්වරු 7.15  වන විට සෞඛ්‍ය අමාත්‍යා...


මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2001 දක්වා ඉහළ  ගියා.

ඒ අද ආසාදිතයන් 10 දෙනෙකු හමුවීමෙන්.


අද (24) පස්වරු 7.15  වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත  රෝග විද්‍යා අංශය මේ බව තහවුරු කළා.
 

තහවුරු කළ කොරෝනා රෝගීන් අතරින් වෙනත් රටවලින් පැමිණි ගණන 747ක් වන අතර ඉන් 30 දෙනෙකු විදේශිකයින්.

අද  හඳුනාගත් ආසාදිතයින් 10 දෙනාගෙන් හත් දෙනෙකු  අමෙරිකාවේ සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්.


අනෙක් තිදෙනා නාවික හමුදා සාමාජිකයින්.


ආසාදිතයින් 428 දෙනෙකු  රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා.

වෛරසයවැළඳුණු පිරිසෙන්  1562 දෙනෙකු  සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

මෙරට බාහිර සමාජයෙන් අවසන් වරට ආසාදිතයෙකු හඳුනාගෙන ඇත්තේ අප්‍රේල් 30 වනදා.
 

වත්මන් ලෝක තත්වය –
(2020-06-24 20.12 : මූලාශ්‍රය – worldometers.info)
 පරීක්ෂණවලින් තහවුරු කරන ලද රෝගීන් 
9,402,967
 රටවල් 213ක රෝගය ව්‍යාප්තයි.
 මරණ 
480,790
 සුවය ලැබූ 
5,084,545
--------------------------------------------------------------------------------------------------------------------------
මෙරට පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි 27වනදායි.
ඒ චීන ජාතික කාන්තාවක්.
එතැන් සිට දින 57ක දී මෙරට පළමු රෝගීන් සිය දෙනා වාර්තා වුණා.
දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තා වූයේ ඉන් පසු දින 20කදී.
තෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගතවුයේ දින 08ක් පමණයි.
සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූවා.
ඊළඟ සිය දෙනා දින 02ක දී වාර්තා වීමත් සමග කොවිඩ් 19 ව්‍යාප්තියේ යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වුණා.
වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 2020 ජනවාරි 07 වන දායි.
ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා.
රෝගයේ කෙටි යෙදුම ලෙස ‘COVID 19’ හඳුන්වා දුන්නේ පෙබරවාරි 11 දින වන අතර මාර්තු 03 දින මෙම රෝග තත්වය ගෝලීය
වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ COVID 19 රෝගයේ බීජෞෂණ කාලය දින 2 – 14 අතර බවයි.



Related

Top 2928042257771734172

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item