පැය 24 ට ලොව පුරා භූ කම්පන 461ක්

ජපානයේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ 6.1ක ප්‍රමාණයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා. අද අලුයම 4.50 ටපමණ ටෝකියෝ අගනුවරට කිලෝමීටර 43ක් පමණ දුරකි...




ජපානයේ නැගෙනහිර මුහුදු ප්‍රදේශයේ 6.1ක ප්‍රමාණයේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.
අද අලුයම 4.50 ටපමණ ටෝකියෝ අගනුවරට කිලෝමීටර 43ක් පමණ දුරකින් නැගෙනහිර මුහුදේ කිලෝමීටර් 36ක් පමණ ගැඹුරින් කම්පනය වාර්තා වූ අතර එය ටෝකියෝ අගනුවර ට දැනී ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
කම්පනය ඇතැම් ප්‍රදේශවලට විනාඩියක පමණ කාලයක් පැවත තිබෙනවා.
ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය නිවේදනය කළේ සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර නොමැති බවයි.
භු කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් තොරතුරු වාර්තා වී නැහැ.


මේ අතර volcanodiscovery.com වෙබ් අඩවිය අවර්තා කළේ ගෙවුණු පැය 24ක කාලය තුළ ලොව පුරා භූ කම්පන 461ක් සිදුව ඇති බවයි.
ඊට මැග්නිටියුඩ් ඒකක 2ක ප්‍රමාණයේ කම්පන 292ක්, ඒකක 3ක ප්‍රමාණයේ කම්පන 105ක්, ඒකක 4ක ප්‍රමාණයේ කම්පන 57ක් සහ ඒකක 5ක ප්‍රමාණයේ කම්පන 7ක් ඇතුළත් බවයි.


Related

Top 1542373288969587968

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item