පොලිස් නිලධාරීයෙකු මරුට - සිවිල් ආරක්ෂක සාමාජිකයෙකුට බරපතළයි - යතුරු පැදිය මීටර් 75ක් ඇදී ගිහින් (PHOTOs)

වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්ව සිවිල් ආරක්ෂක සෙබළෙකු...


වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ බුත්තල පැල්වත්ත ප්‍රදේශයේ දී සිදු වූ අනතුරකින් පොලිස් නිලධාරීයෙකු ජීවිතක්ෂයට පත්ව සිවිල් ආරක්ෂක සෙබළෙකු  බරපතළ තුවාල ලබා තිබෙනවා.

බුත්තල පොලිසිය පැවසුවේ  අද (25)  අලුයම තුනයි පනහට පමණ අනතුර සිදුව ඇති බවයි.

බුත්තල පොලිසියට අනුයුක්ත පොලිස් නිලධාරීයා සහ සිවිල් ආරක්ෂක සෙබලා, පැල්වත්ත ප්‍රදේශයේ අලුයම බීට්ටු සංචාරය කරමින් සිටින අතරයි  අනතුර සිදුව ඇත්තේ.

අධික වේගයෙන් පැමිණි කැබ් රථයක් යතුරු පැදියේ පසුපස ගැටී ඇති අතර අනතුර සිදු වූ ස්ථානයේ සිට මීටර් හැත්තෑපහක් පමණ දුරට යතුරු පැදිය කැබ් රථයේ ගැටී ඇදී ගොස් තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා සහ සිවිල් ආරක්ෂක සෙබලා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළුත් කර ඇති අතර එහිදී පොලිස් කොස්තාපල්වරයා ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

තිස් පස් හැවිරිදි සිවිල් ආරක්ෂක සෙබලා බරපතළ තත්වයෙන් මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

කැබ් රථය අනතුරින් පසු නොනවත්වා පලාගොස් ඇති අතර පසුව පොලිසිය විසින් මොණරාගල ප්‍රදේශයේ දී රියදුරු අත්අඩංගුවට ගෙන කැබ් රථය ද  පොලිස් භාරයට ගැනුණා.

මියගොස් ඇත්තේ බුත්තල පොලිසියට අනුයුක්ත මොණරාගල අක්කර විසිපහ, හුලංදාව ප්‍රදේශයේ පදිංචිව සිටි සුරංග මහේෂ් නැමැති තිස් තුන් හැවිරිදි කොස්තාපල්වරක්.

අනතුර සිදු කල කැබ් රථයේ රියදුරු බීමත්ව සිට ඇති බවටයි අනාවරණය වී ඇත්තේ.

(ජයන්ත වීරසේකර - වැල්ලවාය)











Related

Top 8487231900012912495

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item