එ.ජා.ප සහ සමගි ජනබල පෙරමුණේ පිරිසක් පොහොට්ටුවට එයි

නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබල පෙරමුණේ ආධාකරුවන් විශාල පිරිසක් තම සහයෝගයට පැමිණි බව ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරම...


නාවලපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබල පෙරමුණේ ආධාකරුවන් විශාල පිරිසක් තම සහයෝගයට පැමිණි බව ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක සහ අපෙක්ෂක මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

නාවලපිටිය ආසනයේ වැලිගම්පොල සහ කැන්දපිටිය ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජලබල පෙරමුණේ ආධාකරුවන් සියදෙනෙකු පමණ නාවලපිටිය පෞද්ගලික උත්සව ශාලාවකදි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා හමුව ඇත්තේ ඊයේ  (11) පස්වරුවේ.

මෙහිදි හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කියා සිටියේ නාවලපිටිය ආසනයේ එක්සත් ජාතික පක්ෂයට සහයෝගය ලබාදුන් ප්‍රබලයින් කිහිප දෙනෙකුද ඉදිරි දින කිහිපය තුලදි ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට සහයෝගය ලබා දිමට එක්විමට කැමැත්ත ප්‍රකාශ කර ඇති බවයි.

කොවිඩ් 19 වෛසරය පැතිර යාමේ අවදානමට සාර්ථකව මුහුණදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව තවදුරටත් ශක්තිමත් කිරිම සදහා මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණට විශාල ජයග්‍රහණයක් ලබාදිමට මෙරටේ ජනතාව තිරණය කර ඇති බව ද මහින්දානන්ද අලුත්ගමගේ මහතා අවධාරණය  කළා.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා නිදහස් පොදු ජන පෙරමුණේ කණ්ඩායම් නායකයා වශයෙන් තමන්ට මැතිවරණයෙන් පසු ප්‍රබල කැබිනට් අමාත්‍යය ධුරයක් ලැබිමට නියමිත බවත්, මහනුර දිස්ත්‍රික්කයේ සියළු දෙනාට පක්ෂ බේදයකින් තොරව  කටයුතු කරන බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා ප්‍රකාශ කළා.
(හැටන් -  රංජිත් රාජපක්ෂ)          

Related

Top 6652389888577691783
item