පාසල් ආරම්භයට පෙර ඩෙංගු කීටයන් සොයන මෙහෙයුම (PHOTOs)

පාසල් ආරම්භ කිරිමට ප්‍රථම ඩෙංගු මදුරු කීටයන් සොයා සෞඛ්‍යය අංශ, රාජ්‍යය ආයතන සහ පොදු ස්ථාන පරික්ෂාවට ලක් කිරීම ආරම්භ කර තිබෙනවා. මධ්‍යම ...


පාසල් ආරම්භ කිරිමට ප්‍රථම ඩෙංගු මදුරු කීටයන් සොයා සෞඛ්‍යය අංශ, රාජ්‍යය ආයතන සහ පොදු ස්ථාන පරික්ෂාවට ලක් කිරීම ආරම්භ කර තිබෙනවා.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පවතින වර්ෂාව නිසා ඩෙංගු මදුරුවන් බෝ විමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ.
ඒ අනුව නුවරඑලිය ප්‍රාදේශිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ විශේෂ ඒකකයේ නිලධාරින් විසින් හැටන් කොටගල ප්‍රදේශයේ රාජ්‍යය ආයතන සහ පොදු ස්ථානවල මදුරු කිටයන් සොයා ඊයේ (11) විමර්ශන සිදු කළා.
ප්‍රදේශයේ පාසල් ගොඩනැගිලි, හෙල බොජුන් අලෙවිසැල් සහ පොදු ස්ථාන පරික්ෂාවේදි සොයා ගන්නා ලද මදුරු කීටයන් හඳුනාගැනිම සදහා කොළඹ ඩෙංගු මදුරු ඒකකය වෙත යොමු කරනු ඇති.
මදුරු කීටයන් බෝ නොවන සේ රාජ්‍යය ආයතන සහ පොදු ස්ථාන පවත්වාගෙන යාමට කටයුතු කරන ලෙසයි රාජ්‍යය ආයතන සහ පොදු ස්ථාන භාර නිලධාරින්ට සෞඛ්‍යය අංශ නිලධාරින් දැඩි ලෙස අවවාද කරනු ලැබුවේ.
මදුරු කීටයන් බෝවන ස්ථාන පිළිබඳ විමර්ශන නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ද ක්‍රියාත්මක කරනු ඇති.
(හැටන් - රංජිත් රාජපක්ෂ)












Related

Top 5098449473530169994

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item