නාවික හමුදාවේ තවත් 35ක් රෝහල්වලින් පිටව යයි

කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදාවේ තවත් සාමාජිකයන් 35ක් රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා. ඔව...


කොවිඩ් – 19 වෛරසය ආසාධනයවී රෝහල් ගතව ප්‍රතිකාර ලැබූ නාවික හමුදාවේ තවත් සාමාජිකයන් 35ක් රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර තිබෙනවා.
ඔවුන්ගෙන් 13 දෙනෙකු මුල්ලේරියාව රෝහල වෙතින්ද, 11 දෙනෙකු මිනුවන්ගොඩ රෝහල වෙතින්ද, 07 දෙනෙකු අයිඩීඑච් රෝහලින්ද, තිදෙදෙනෙකු (03) නාවික මහ රෝහලින්ද, එක් (01) නාවික පුද්ගලයෙකු වැලිකන්ද රෝහලින්ද ප්‍රතිකාර ලබා ගෙන තිබුණා.
වෛරසය ආසාධනය වී රෝහල් ගත කල සමස්ථ නාවික හමුදා සාමාජිකයින් සංඛ්‍යාවෙන් නාවික හමුදා පුද්ගලයින් 657ක් සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.
රෝහල් වෙතින් පිටත්ව ගියද මෙම සියළු නාවික පුද්ගලයින් සෞඛ්‍ය උපදෙස් මත තවදුරටත් දින 14ක නිරෝධායන ක්‍රියාවලියක් සඳහා යොමු කර තිබෙනවා.
මේ අතර මෙරට කොවිඩ් රෝගීන්ගේ ගණන 1877ක් දක්වා ඉහළගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
ඒ අතරින් රෝගීන් 716ක් තවමත් ප්‍රතිකාර ලබනවා.
සුවය ලැබූ සංඛ්‍යාව 1159ක්.
කොවිඩ් මරණ 11ක් මෙරටින් වාර්තා වූවා.
කෝවිඩ් 19 බවට සැක සහිත පුද්ගලයන් 51 දෙනෙකුද රෝහල් ගතව ප්‍රතිකාර ලබනවා.

වත්මන් ලෝක තත්වය –
(2020-06-12 10.20 : මූලාශ්‍රය – worldometers.info)
 පරීක්ෂණවලින් තහවුරු කරන ලද රෝගීන් 7,597,341
 රටවල් 213ක රෝගය ව්‍යාප්තයි.
 මරණ 423,844
 සුවය ලැබූ 3,841,537
———————————————————————–
මෙරට පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි 27වනදායි.
ඒ චීන ජාතික කාන්තාවක්.
එතැන් සිට දින 57ක දී මෙරට පළමු රෝගීන් සිය දෙනා වාර්තා වුණා.
දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තා වූයේ ඉන් පසු දින 20කදී.
තෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගතවුයේ දින 08ක් පමණයි.
සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූවා.
ඊළඟ සිය දෙනා දින 02ක දී වාර්තා වීමත් සමග කොවිඩ් 19 ව්‍යාප්තියේ යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වුණා.
වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 2020 ජනවාරි 07 වන දායි.
ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා.
රෝගයේ කෙටි යෙදුම ලෙස ‘COVID 19’ හඳුන්වා දුන්නේ පෙබරවාරි 11 දින වන අතර මාර්තු 03 දින මෙම රෝග තත්වය ගෝලීය
වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ COVID 19 රෝගයේ බීජෞෂණ කාලය දින 2 – 14 අතර බවයි.

Related

Local 7922440681921746337

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item