ඉන්දියානුවන්ගේ ජුනි ශ්‍රී ලංකා සංචාරය අත්හැර දමයි

ජුනි මස පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කළින් සැලසුම් කර තිබූ පරිදි පැවැත්වීමේ හැකියාවක් නොමැති ...



ජුනි මස පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය කළින් සැලසුම් කර තිබූ පරිදි පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබෙනවා.

ඒ ගෝලීය වශයෙන් දැඩි බලපෑමක් එල්ල කොට තිබෙන කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්.

මේ  අනුව කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ගෙවී ගිය කාල සීමාවේදී අත හැර දැමීමට සිදුවූ තෙවැනි ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය බවට මෙම තරග සංචාරය පත්වනවා.

එක්දින තරග 3 ක් සහ විස්සයි-20 තරග 3 ක් මෙම තරග සංචාරයට ඇතුළත් වූ නමුත් වත්මන් කොරෝනා වෛරස් තත්ත්වය තවමත් යහපත් අතට පත් නොවීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුවී තිබෙන බවයි  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කොට ඇත්තේ.

“ඉදිරි තරග සැලසුම මෙන්ම සෙසු සාමාජිකයන් වෙනුවෙන් කැපැවී සිටියත්, ක්‍රිකට් ක්‍රීඩාව ආරම්භ කිරීම පිළිබඳව කිසියම් තීරණයක් ගැනීමට පෙර ඉන්දීය රජයේ සහ සෞඛ්‍ය නියාමන බලධාරීන්ගේ උපදෙස් ලැබෙන තෙක් සිටීමට සිදුවෙනවා”යි  තරගාවලිය අවලංගු කිරීම පිළිබඳ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත යොමු කරන ලද ලිපියෙහි සඳහන් වන්නේ.

මෙම තරගාවලිය අවලංගු කිරීම පෙර, එංගලන්ත කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතව තිබූ තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සහ දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව පැවැත්වීමට තිබූ එක්දින සහ විස්සයි-20 තරගාවලිය අතහැර දැමීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට සිදුවුණා.

Related

Sports 7163027640807399874
item