ඝාතනය ට පෙර සුනිල් ජයවර්ධන මහතා ජනපතිගෙන් කළ සංවේදී ඉල්ලීම (VIDEO)

ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය ට ලක්ව තිබුණේ මැර  කණ්ඩායමක් පහරදීම හේතුවෙන...




ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය ට ලක්ව තිබුණේ මැර  කණ්ඩායමක් පහරදීම හේතුවෙන්.


ඒ මිරිහාන ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික කල්බදු ආයතනයකින් මිල දී ගනු ලැබූ ත්‍රිරෝද රථයක වාරික මුදල් ගෙවීම සම්බන්ධයෙන් ඇතිව තිබු ආරවුලක දී.

එම ෆිනෑන්ස් ආයතනයේ සේවකයින් පිරිසක් විසින් සුනිල් ජයවර්ධන මහතා පහර දී ඇති බවටයි පොලිසිය සඳහන් කළේ.

බරපතල තුවාල ලැබූ  සුනිල් ජයවර්ධන මහතා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

සුනිල් ජයවර්ධන මහතා කල්බදු ආයතනයේ නිලධාරින් සමග සිදුකළ සාකච්ජාවක දී  ගනු ලැබූ වීඩියෝවේ දී ඔහු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ද විශේෂ ඉල්ලීමක් කරනවා.

ඒ, කල් බදු ආයතන විසින් මැරයන් යොදා වාහන පැහැර ගැනීම සිදුකිරීම නවත්වන ලෙසයි.

සුනිල් ජයවර්ධන මහතා මෙම වීඩියෝවෙන් ජනපතිගෙන් එම ඉල්ලීම කර ඇත්තේ ඝාතනයට ලක්වීමට පෙර දිනයේ දී.

කල් බදු ආයතන විසින් කරගෙන යනු ලබන අසාධාරණ කටයුතු සම්බන්ධයෙන් ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා මෑත කාලයේ පුවත්පත්වලින් ද කරුණු දක්වා තිබුණා.


Related

Trending 6421458366715958318

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item