බර්නාර්ඩ් අලුවිහාරේ ක්‍රීඩාංගණ නානතාටකයේ 'ඩෙංගු බෝ කරන' හැටි මෙන්න ! (PHOTOs)

වල් වැදී අභාවයට යමින් තිබෙන මාතලේ බර්නාර්ඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය  මසක් ඇතුළත ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත් කිරීම සඳහා  අවධානය යොම...


වල් වැදී අභාවයට යමින් තිබෙන මාතලේ බර්නාර්ඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය  මසක් ඇතුළත ප්‍රතිසංස්කරණය කොට ජනතා අයිතියට පත් කිරීම සඳහා  අවධානය යොමුව තිබෙනවා.

ඒ පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ මැදිහත් වීමෙන්.

මාතලේ බර්නාර්ඩ් අලුවිහාරේ ක්‍රීඩාංගනය  නිසි නඩත්තු කටයුතු සිදු නොවීම හේතුවෙන් අභාවයට යමින් පවතිනවා.

පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විශාල සම්පතක්ව තිබූ  මෙම ක්‍රීඩා පිටිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතා අද (11) සොයා බැලුවා.

එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ආණ්ඩුකාරවරයාට දැක ගත හැකි වූයේ මාන පදුරු වලින් වැසීගිය, භාවිතයට ගත නොහැකි මට්ටමේ පවතින ක්‍රීඩාංගනයයි.

මෑතකදී ඉදිකරන ලද අංග සම්පූර්ණ නානතාටකය ඩෙංගු බෝ කරන මධ්‍යස්ථානයක් බවට පත් ව ඇති බවයි ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය පැවසුවේ.

මේ සම්බන්ධයෙන් එම අවස්ථාවේදීම අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සම්බන්ධ කරගනිමින් අදාල ගැටලුව සම්බන්ධයෙන් විමසීමට ආණ්ඩුකාරවරයා පියවර ගෙන තිබුණා.

එහිදී අදාල ගැටලුව සම්බන්ධයෙන් මේ වන විටත් තම අවධානය යොමු වී ඇති බවත්, මාසයක කාලයක් තුළ  ප්‍රතිසංස්කරණ කටයුතු නිම කර එම ක්‍රීඩාංගනය ජනතා අයිතියට පත් කිරීම සදහා කටයුතු කිරීමට අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා විසින් ආණ්ඩුකාරවරයා වෙත දැනුම් දුන බව ආණ්ඩුකාර මාධ්‍ය ඒකකය සඳහන් කළා.







Related

Sports 4822138220207062647

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item