COVID රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථාන පිරිනැමීමට 'පෙරමග' මුල්වෙයි (PHOTOs)

රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පාණදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට 'පෙරමග...



රාගම, උතුරු කොළඹ ශික්ෂණ රෝහල සහ පාණදුර ශික්ෂණ රෝහල සඳහා COVID-19 රෝගීන් පරික්ෂා කිරීමේ බාහිර මධ්‍යස්ථානය බැගින් පිරිනැමීමට 'පෙරමග' වැඩසටහන කටයුතු කර තිබෙනවා.

ඖෂධ සහ සුවසේවා විශේෂඥ වෛද්‍ය සන්ජේ පෙරේරා, බෝවන රෝග විශේෂඥ වෛද්‍ය චංග කුරුකුලරත්න යන වෘත්තිකයන් මෙන්ම ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයන් දෙපළක්වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන, හේමාස් හෝල්ඩින්ග්ස් සමූහයේ නිර්මාතෘවරුන් වන එසුෆාලි පවුලේ සාමාජිකයන් සහ සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කළා.


 මෙම සංකල්පය වෛද්‍ය චංග කුරුකුලරත්න මහතාගේ යෝජනාවක් වන අතර මෙලෙස පරිත්‍යාග කෙරුණු මධ්‍යස්ථාන දෙක 'පෙරමග' වැඩසටහනේ පළමු අදියරයයි. 


බාහිර රෝගීන් පරික්ෂා කිරීමේ මධ්‍යස්ථාන සහ ස්වභාවික වාතාශ්‍ර ක්‍රමෝපාය භාවිත කරමින් වෛරසය පාලනය කිරීම සඳහා රජයේ රෝහල් 33කට මෙලෙස සහයෝගය ලබා දීම මෙම වැඩසටහනේ අරමුණ වී ඇත.


මින් පෙර සාර්ස් වැනි වසංගත තත්ත්වවලදී බාහිර රෝගීන්ගෙන් රෝහල් කාර්යමණ්ඩලය මෙන්ම රෝහල් තුළ සිටින රෝගීන්ට ද වෛරසය ව්‍යාප්ත වීම වළක්වා ගැනීම සඳහා මෙවැනි මධ්‍යස්ථාන ලොව පුරා ඉතා සාර්ථක ලෙස යොදාගෙන තිබෙනවා.

බරපතළ බෝවන ශ්වසන රෝග පාලනය සඳහා බාහිර ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ ස්වභාවික වාතාශ්‍ර ක්‍රමෝපාය භාවිත කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ද නිර්දේශ කර ඇති සංකල්පයක්.


 මෙම වැඩසටහන පිළිබඳ අදහස් පළ කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා...

" .... COVID-19 වැනි අනපේක්ෂිත වසංගත තත්ත්වයක් පරාජය කිරීම සඳහා නවෝත්පාදන අදහස් ක්‍රියාත්මක කළ යුතු වෙනවා. 
වෛද්‍ය චංග කුරුකුලරත්න මේ ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුමින් හෙබි වෘත්තිකයෙක්. 
එතුමාගේ අදහස යතාර්ථයක් කිරීම සඳහා ශ්‍රී ලාංකේය ජනතාව පිළිබඳ සිතන පිරිසක් එක් වී සිටිනු දැකීම ඉතාම සතුටුදායකයි. 
මෙම මූලික ව්‍යාපෘතිය සඳහා අනුග්‍රාහකත්වය ලබා දීමට ඉදිරිපත් වුණු එසුෆාලි පවුලේ සාමාජිකයන්ට අප බෙහෙවින් ස්තූතිවන්ත වනවා...." 

Related

Local 3838942366920506097

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item