Covid-19: නව ආසාදිතයන් 10න් 8ක් ම නාවික හමුදාවේ

කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ස...


කොවිඩ් 19 ආසාදනය වූ තවත් පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ඊයේ හඳුනා ගැණුනු රෝගීන් දස දෙනාගෙන් 08 දෙනෙකු නාවික හමුදා සාමාජිකයින් බවයි.
ඔවුන්ගෙන් 07 දෙනෙකු ඉයක්කච්චි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි අය වන අතර අනෙක් සාමාජිකයා මුලතිව් නාවික හමුදා මධ්‍යස්ථානයේ සිටි අයෙක්.
කටාර් හි සිට පැමිණ පලගහතැන්න නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයෙකුත්, මුම්බායි හි සිට පැමිණ දියතලාව නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි අයෙකුත් ඊයේ දිනයේ ආසාදිතයන් බවට හඳුනා ගැණුනු අනෙක් දෙදෙනායි.
කොවිඩ් 19 රෝගීන් 736 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබන අතර රෝගීන් 1122 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් 19 බවට සැක සහිත පුද්ගලයන් 62ක් රෝහල් ගතව සිටින බවයි.
වත්මන් ලෝක තත්වය –
(2020-06-11 09.57 : මූලාශ්‍රය – worldometers.info)
 පරීක්ෂණවලින් තහවුරු කරන ලද රෝගීන් 7,458,921
 රටවල් 213ක රෝගය ව්‍යාප්තයි.
 මරණ 419,020
 සුවය ලැබූ 3,778,218
———————————————————————–
මෙරට පළමු රෝගියා වාර්තා වූයේ ජනවාරි 27වනදායි.
ඒ චීන ජාතික කාන්තාවක්.
එතැන් සිට දින 57ක දී මෙරට පළමු රෝගීන් සිය දෙනා වාර්තා වුණා.
දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තා වූයේ ඉන් පසු දින 20කදී.
තෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගතවුයේ දින 08ක් පමණයි.
සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූවා.
ඊළඟ සිය දෙනා දින 02ක දී වාර්තා වීමත් සමග කොවිඩ් 19 ව්‍යාප්තියේ යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා.
හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වුණා.
වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 2020 ජනවාරි 07 වන දායි.
ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා.
රෝගයේ කෙටි යෙදුම ලෙස ‘COVID 19’ හඳුන්වා දුන්නේ පෙබරවාරි 11 දින වන අතර මාර්තු 03 දින මෙම රෝග තත්වය ගෝලීය
වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා.
සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ COVID 19 රෝගයේ බීජෞෂණ කාලය දින 2 – 14 අතර බවයි.


Related

Local 2149152684997976067

Follow Us

Connect Us

Write to us abctvradio@gmail.com
item