දිවයිනේ ප්‍රථම වතාවට දුරස්ථ මහජන දිනයක් මධ්‍යම පළාතෙන් (PHOTOs)
දුරස්ථ මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ මහජන දිනයක් පැවැත්වීම සදහා මධ්‍යම පළාත් සභාව ක්‍රියා කර තිබෙනවා. ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් ...
https://sadisaalk.blogspot.com/2020/06/Public-day-through-a-remote-operating-system.html
දුරස්ථ මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ මහජන දිනයක් පැවැත්වීම සදහා මධ්‍යම පළාත් සභාව ක්‍රියා කර තිබෙනවා.
ඒ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ සංකල්පයක් අනුවයි.
කොවිඩ් වසංගත තත්වයත් සමග පෙර මෙන් මහජනතාවගේ ගැටලු සෘජුවම බලධාරීන්වෙත ඉදිරිපත් කිරීමට ඇති අපහසුතාවය මගහරවමින් ක්‍රියාවට නංවන ලද මෙම වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අද (10) පැවැත්වුනේ ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පල්ලේකැලේ පළාත් සභා පරිශ්‍රයේ දී.
ඒ අනුව, ප්‍රථම අදියරේදී පළාත් පාලන ආයතන 15ක් සම්බන්ධ කරගනිමින් ක්‍රියාවට නංවන ලද ව්‍යාපෘතිය සදහා විශේෂ මෙහෙයුම් මැදිරියක් ද මධ්‍යම පළාත් සභා සංකීර්ණය තුල ස්ථාපිත කර තිබෙනවා.
මධ්‍යම පළාත තුල ජනතාව මුහුණ දෙනු ලබන ඕනෑම ගැටලුවක් සෘජුවම
070 470 2500
070 470 2505
070 470 2520 ඔස්සේ වට්ස්ඇප්, වයිබර්, ඉමෝ ඔස්සේ ද
cpdosmain@gmail.com විද්‍යුත් ලිපිනය ඔස්සේ ද
081 4953248 දුරකථන අංකයෙන් ද
mahajanadinayagamata ෆේස් බුක් පිටුව ඔස්සේ ද
මෙම මෙහෙයුම් මැදිරිය වෙත යොමු කිරීම සදහා ජනතාව වෙත අවස්ථාව සළසා තිබෙනවා.
ජනතාවට ඉතා අඩු පිරිවැයකින් මෙන්ම අවම කාලයක් මගින් තම ගැටලුව අදාල අංශ වෙත යොමු කිරීමට අවස්ථාව සළසා දීමත්, වඩාත් කාර්යක්ෂමවත් ජනතා සේවයක් සපයාදීම මගින් ජනතාවගේ ගැටලු නිරාකරණය කිරීම සදහාත් දුරස්ථ මෙහෙයුම් පද්ධතිය ස්ථාපිත කළ බවත්, වඩාත් ඵලදායී ජනතා සේවයක් වෙනුවෙන් මෙම පද්ධතිය භාවිතා කිරීම ඉතා වැදගත් වන බවත් මෙහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළා.
මෙම අවස්ථාව සදහා පළාත් ප්‍රධාන ලේකම් ගාමිණි රාජරත්න, ආණ්ඩුකාර ලේකම් එම්.ජී.ඒ.තිලකරත්න, පළාත් අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් රැසක් ද එක් ව සිටියා.