මහ මැතිවරණය අගෝස්තු 05 - කොමිසම තීරණය කරයි (VIDEO)
මහ මැතිවරණය අගෝස්තු මස 05 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේ කො...
https://sadisaalk.blogspot.com/2020/06/parliamentary-elections-August-5.html
මහ මැතිවරණය අගෝස්තු මස 05 වන දින පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා මේ බව සඳහන් කළේ කොමිෂන් සභාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
කොමිසමේ සාමාජිකයන් වන මහාචාර්ය රත්නජීවන් හූල් සහ මහාචාර්ය නලින් අබේසේකර යන මහත්වරුන් හා තමන් එක්ව ඒකමතික තීරණයක් ලෙසින් මෙම තීන්දුව ගත් බවයි සභාපතිවරයා සඳහන් කළේ.
මීට අදාළ ගැසට් නිවේදනය මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත යැවීමට පියවර ගත් බව ද මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා.
පාර්ලිමේන්තු මහ මැතිවරණය ජුනි මස 20 වෙනිදා පැවැත්වීමටයි මීට පෙර නියමිතව තිබුණේ.