ඉන්දියාවෙන් ආ සාරි වෙළෙන්ඳා ට කොරෝනා – යාපනයේ 15ක් නිරෝධායනයට

යාපනය ඉනුවිල් නවාලි ප්‍රදේශයේ රැඳි සිට සාරි වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇති බවට ඉන්දියාවේ දී තහවුරු වී තිබෙනවා. ...


යාපනය ඉනුවිල් නවාලි ප්‍රදේශයේ රැඳි සිට සාරි වෙළඳාමේ නිරතවූ ඉන්දියානුවෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇති බවට ඉන්දියාවේ දී තහවුරු වී තිබෙනවා.
ඒ හේතුවෙන් යාපනයේ පවුල් 3කට අයත් පුද්ගලයින් 15 දෙනෙකු නිරෝධායනය ට යොමු කෙරුණු බවයි යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය පවසන්නේ.
ඉන්දියානු සාරි වෙළෙන්ඳා නවාලි ප්‍රදේශයේ නිවසක කුලියට රැඳී සිට තිබෙනවා.
කෙසේ වෙතත් යාපනයේ පිහිටි ඉන්දියානු උපකොමසාරිස් කාර්යාලයේ මැදිහත් වීමෙන් පසුගිය මැයි මස අවසන් දිනයන්හි යාපනයේ තාවකාලිකව රැඳී සිටින ඉන්දියානුවන් නැවත ඉන්දියාට රැගෙන යාමට පයවර ගෙන තිබුණා.
මෙම වෙළෙන්ඳා ද ඉන්දියාවට ගොස් ඇති අතර, ඉන්දියාවට ගිය පසු සිදු කරන ලද පරික්ෂණයන්හීදි ඔහුට කොරෝනා වයිරසය වැළඳී ඇති බව ට තහවුරු වී ඇති බවයි පැවසෙන්නේ.
ඒ අනුව වෙළෙන්ඳා යාපනයේ රැඳී සිටි නිවස හා අවට නිවෙස්වල පවුල් 3කට අයත් පුද්ගලයින් 15 දෙනෙකු නිරෝධායනය ට පියවර ගෙන තිබෙනවා.
ඔවුන් පී.සී.ආර්. පරික්ෂණයකටද යොමු කිරීමට පියවර ගෙන ඇති බව ද යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය සඳහන් කළා.
(වන්නි රොමේෂ් මධුෂංඛ)

Related

Local 2545321802687744692

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item