අඟුලාන පොලීසිය ට ගල් මුල් ප්‍රහාරයක් - STF කැඳවයි (PHOTOs)

අඟුලාන පොලිසිය ඉදිරිපිට අද දහවල් උණුසුම් තත්වයක් හටගත්තා. ඒ, අඟුලාන වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අඟුලාන පොලිසිය භාර...



අඟුලාන පොලිසිය ඉදිරිපිට අද දහවල් උණුසුම් තත්වයක් හටගත්තා.

ඒ, අඟුලාන වෙඩි තැබීමේ සිද්ධියේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනා අඟුලාන පොලිසිය භාරයට ගෙන ගල්කිස්ස පොලිසිය දක්වාත් අනතුරුව මොරටුමුල්ල පොලිසිය දක්වාත් රැගෙන යාමේ සිද්ධියක් හේතුවෙන්.

තත්ත්වය පාලනය  සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකළ බවයි වාර්තාකරු පැවසුවේ.

පසුගිය 10 වනදා ලුනාව ප්‍රදේශයේදී අගුලාන පොලිස් ස්ථානයේ නිලධාරීන් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය ගියා.

මෙම සිද්ධියට අදාළ නඩු විභාගය අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී කැඳවනු ලැබුවා.

එහිදී නඩුවේ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ සාක්ෂි විමසීම සිදුකළ බවයි පොලීසිය පැවසුවේ.

මහේස්ත්‍රාත්වරයා විසින් මෙහි ඉදිරි විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දිමට අද දින නියෝග කළ බව ද සඳහන්.
නඩුව නැවත කැඳවීම ලබන 30 වනදා දක්වා කල්තබා තිබෙනවා.

අද දින දහවල් අඟුලාන පොලිස් ස්ථානය ඉදිරිපිට ඇති වූ නොසන්සුන්තාවය හේතුවෙන් පොලිස් ස්ථානයේ දේපලවලට ද හානි සිදුව තිබෙනවා.

පොලිස් ස්ථානයේ ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා ඇති  බවයි  වාර්තාකරු සඳහන් කළේ.


Six arrested for unruly behavior at Angulana police station (PHOTOs)







Related

Top 4619015785583246284
item