පැය 24 ට ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයන් 32,695ක්

ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 32, 695 දෙනෙකු වාර්තා වී තිබෙනවා. එය සැලකෙන්නේ දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිඉම කොරෝනා ආසාධිතයින් සංඛ්‍...




ඉන්දියාවෙන් නව කොරෝනා ආසාදිතයින් 32, 695 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

එය සැලකෙන්නේ දිනක් තුළ එරටින් වාර්තා වූ වැඩිඉම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව ලෙසයි.

මේ වන විට ලොව වැඩිම කොරෝනා ආසාධිතයින් වාර්තා වී ඇති රටවල් අතරින් තෙවන ස්ථානයේ පසුවන ඉන්දියාවේ සමස්ත ආසාධිතයින් සංඛ්‍යාව සටහන් වන්නේ 9,70, 169ක් ලෙසයි.

සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව 24, 929ක්.

ගතවූ පැය 24 තුළ එරටින් නව මරණ 606ක් වාර්තා වී ඇති අතර එය ද දිනක් තුළ ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙසයි සැලකෙන්නේ.

ලොව වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් තවදුරටත් වාර්තා වන්නේ අමෙරිකාවෙන්.

එම සංඛ්‍යාව 36,16, 747ක් වන අතර එරටින් වාර්තා වන මරණ සංඛ්‍යාව 1,40, 140ක්.

අමෙරිකාවේ ඔක්ලහෝමා ප්‍රාන්තයේ ආණ්ඩුකාරවරයාට ද කොරෝනා වෛරසය අසාධනය වී ඇති බව අනාවරණ වී තිබෙනවා.

බ්‍රසීලයෙන් වාර්තාවන සමස්ත කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 19,70, 909ක්.

එරටින් මරණ 75, 523ක් ද වාර්තා වී තිබෙනවා.
          
මේ අතර අද දිනයේ දී ජපානයේ ටෝකියෝ අගනුවරින් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව වාර්තා වනු ඇති බවට අනතුරු අගවා තිබෙනවා.

ඒ අනුව 280කට වැඩි පිරිසක් ටෝකියෝ නුවරින් හදුනා ගැනෙනු ඇති බවටයි බලධාරීන් සඳහන් කර ඇත්තේ.

මේ වන විට හුදකලා කර ඇති ඔස්ටේ්‍රලියාවේ මෙල්බන් නුවරින් නව කොරෝනා ආසාදිතයින් 317 දෙනෙකු හදුනාගෙන තිබෙනවා.

ඒ අනුව ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාධිතයන් සංඛ්‍යාව 10, 810ක්.

එරටින් මරණ 113ක් ද වාර්තා වුණා.

Related

Top 3277028859600488168
item