නාවික හමුදාවේ ප්‍රථම ජංගම දන්ත ශල්‍යාගාරය සේවයට එක් කෙරෙයි (PHOTOs)

නාවික හමුදාවේ රාජකාරියේ නියුතු පුද්ගලයින් ගේ සහ දුෂ්කර ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවගේ මුඛ ‍‍සෞඛ්‍යය ඉහල නැංවීමේ අරමුණින් නිර්මාණය කරන ලද ජංගම...



නාවික හමුදාවේ රාජකාරියේ නියුතු පුද්ගලයින් ගේ සහ දුෂ්කර ප්‍රදේශවල සාමාන්‍ය ජනතාවගේ මුඛ ‍‍සෞඛ්‍යය ඉහල නැංවීමේ අරමුණින් නිර්මාණය කරන ලද ජංගම දන්ත ශල්‍යාගාරය අද  (2020 ජුනි 25 ) සේවයට එක් කළා.

නාවික හමුදා දන්ත වෛද්‍ය ඒකකයේ සංකල්පයක් වු මෙම ව්‍යාපෘතිය නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ සෘඡු මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක වු අතර වෛද්‍ය කොමදෝරු (දන්ත) නන්දනී වි‍‍‍ජේදෝරු සහ වෛද්‍ය කපිතාන් (දන්ත) හේමන්ත කරන්දෙනිය යන නිලධාරින් නාවික හමුදා මෝටර් රථ ඉංජීනේරු සහ විදුලි ඉංජීනේරු අංශයන්ගේද සහය ඇතිවයි නිර්මාණය කර ඇත්තේ.

මුඛ සෞඛ්‍යය සම්බන්ධයෙන් ගැටලු ඉහල යාමේ වැඩි ප්‍රවනතාවයක් නිරික්ෂනය වන්නාවු  පසු බිමක දන්ත වෛද්‍ය පහසුකම් නොමැති දුෂ්කර ප්‍රදේශයන් හි රාජකාරියේ නියතු නාවික හමුදා පුද්ගලයින්ගේ හා එවැනි ප්‍රදේශයන්හි සාමාන්‍ය ජනතාව සඳහා දන්ත වෛද්‍ය සේවාවන් සැපයීම අරමුණු කරගෙන මෙම ජංගම දන්ත ශල්‍යාගාරය නාවික හමුදාව මගින් නිර්මාණය කර සේවය ට එක් කර තිබෙනවා.

ඉහල තාක්ෂණික වෛද්‍ය උපාංග යොදා ගනිමින් මෙලෙස ජංගම දන්ත ශල්‍යාගාරයක් ලෙස පරිවර්තනය කර ඇත්තේ දැඩි පරිශ්‍රමයක් යොදා නැවත පිලිසකර කරන ලද භාවිතයෙන් ඉවත් කර තිබු බස් රථයක් වීම විශේෂ කරුණක්.

වෛද්‍යවරුන් දෙදෙනෙකු ඇතුලු කාර්ය මණ්ඩලයක් හා නවීන වෛද්‍ය තාක්ෂණය යොදා ගනිමින් මෙම රථය මගින් දිවයින පුරා දුෂ්කර ප්‍රදේශයන්හි රාජකාරි වල නියුතු නාවික පුද්ගලයින්ගේ හා  එම ප්‍රදේශයන්හි සාමාන්‍ය ජනතාවගේ මුඛ  ‍‍සෞඛ්‍යය ගැටළු සඳහා ප්‍රතිකාර ලබා දිමට නාවික හමුදාව මෙමගින් අපේක්ෂා කරන අතර රට තුල ඇති වන ඕනෑම හදිසි අවස්ථාවකදි ජංගම ප්‍රතිකාර රථයක් ලෙස ද  මෙය යෙද වීමටද නාවික හමුදාව සූදානමින් සිටී.









Related

Tech 6581738097819933058
item