දරු ගැබ සමග මෙලොවින් සමුගත් සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම

  මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවීර මහත්මිය 23  උදෑසන හදිසියේ මාතර මහ රෝහලේ දී අභාවප්‍රාප්ත වූවා. පස් මස්  ගැබිණි මවක වූ ඇය මිය යන විට ...

 


මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවීර මහත්මිය 23  උදෑසන හදිසියේ මාතර මහ රෝහලේ දී අභාවප්‍රාප්ත වූවා.

පස් මස්  ගැබිණි මවක වූ ඇය මිය යන විට පසු වූයේ 35 වැනි වියේ.

ගාල්ල මහමෝදර විශේසඥ වෛද්‍යවරයෙකු ඇයට රුධිර පරීක්ෂණ කර ගත යුතු බවට කළ නිර්දේශයක් අනුව ඇය පුද්ගලික රෝහලකට පැමිණ තිබුණේ ඒ  සඳහායි..

පළමු රුදිර පරීක්ෂණයෙන්  අනතුරුව මව හා පියා සමගින් තම  මෝටර රථයට වී සිටි ඇය දෙවන පරික්ෂනය වෙනුවෙන් රෝහලට අතුලුවනවාත් සමගම ඇද වැටී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව රෝගී ඇය මාතර මහරෝහලට යවා ඇත්තේ පුද්ගලික රෝහලේ වෛද්‍යවරයෙක් නොසිටි නිසා බවයි කියවෙන්නේ.

උදෑසන 9.45 ට පමණ  දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇති ඇය පැයකට පමණ පසුව මියගොස් තිබෙනවා.

මරණයට හේතුව මෙටෙහ්ක් අනාවරණ වී නැහැ. විමර්ශන ක්‍රියාත්මකයි.

2012 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූයේ ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර ලේකම්වරියක ලෙසයි.

2013 වැලිපිටිය සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙස ද, 2016 තිහගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් ලෙසද, අනතුරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙස ද කටයුතු කළා.

දේහය පිළිබඳ  අවසන් කටයුතු 24 වනදා  පස්වරු 5.00ට සිදු කෙරුණේ  මාතර සුසාන භුමියේදී.


මාතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ඉන්දික විජේසිරි තැබූ සටහන ..

මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී ජයවික්‍රම මහත්මිය සදහට ම යන්න ගියා ය. =============================================== මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් නදී තත්සරණි ජයවික්‍රම මහත්මිය ඊයේ (23) දින උදෑසන මාතර මහ රෝහලේ දී හදිසියේ අභාවප්‍රාප්ත වූ අතර ඇයගේ අවසන් කටයුතු අද (24) දින මළහිරු බැස යන සැන්දෑ යාමයේ මාතර පොදු සුසාන භූමියේ දී සිදු කෙරිණි. තිස්පස් වසරක සිය ජීවිතය ද, අට වසරක රාජකාරි ජීවිතය ද නිමා කරමින් රටට සමාජයට ඇයගෙන් සිදුවිය යුතු යුතුකම් හා වගකීම් නොපිරිහෙළා ඉටුකොට අද දින මාතර මහ දිසාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ කරමතින්, සිය ස්වාමි පුරුෂයා හා දෙමව්පියන් ඇතුළු ඥාතීන්ගේ කරමතින් මාතර පොදු සුසාන භූමියට පැමිණි ඇය සදහට ම යන්න ගියා ය. මාතර සුජාතා බාලිකා විදයාලයේ ආදි ශිෂ්‍යාවක වන ඇය කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධි ධාරිණියකි. මියයන විට ශ්‍රී ලංකා විවෘත විශ්ව විදයාලයේ අවසන් වසර නීති ශිෂ්‍යාවක් ද වූවා ය. 2012 වර්ෂයේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට පිවිසි නදී ජයවික්‍රම මහත්මිය සිය මුල් පත්වීම ක්‍රීඩා අමාත්‍යංශයේ ද, අනතුරුව 2013 වර්ෂයේ වැලිපිටිය සහකාර ප්‍රාදේශිය ලේකම් වශයෙන් ද, 2016 වර්සයේ තිහගොඩ සහකාර ප්‍රාදේශිය ලේකම් වශයෙන් ද කටයුතු කළ ඇය 2017 වර්ෂයේ සිට අභාවප්‍රාප්ත වනතුරු ම මාතර සහකාර දිස්ත්‍රික් ලේකම් වශයෙන් කටයුතු කළා ය. සසර වසනතුරු මෙවන් අකල් මරණයකට පත් නොවේවා.....! ඇයට අමාමහ නිවන්සුව ලැබේවා.....!
ඉන්දික විජේසිරි දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - මාතර
---------------------------------------------------------












Related

Local 5358490049851509758
item