පැමිණීමට නොහැකි බව දැන්වූ කරුණා අම්මාන් සොයා CID කණ්ඩායම් දෙකක් යයි
ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන...
https://sadisaalk.blogspot.com/2020/06/cid.html

ප්‍රකාශ ලබා දීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණීමට නොහැකි බව විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් සිය නිතීඥයින් මාර්ගයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා තිබෙනවා.
තමන් අසනීප තත්ත්වයෙන් සිටින බැවින් සුව වු පසු අදාළ ප්‍රකාශය ලබා දීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන බවයි ඔහු සදහන් කර ඇත්තේ.
මේ හේතුවෙන් කරුණා අම්මාන් පිළිබඳ විමර්ශනයට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) කණ්ඩායමක් අම්පාර හා මඩකලපුව බලා පිටත්ව ගොස් තිබෙනවා.
එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයෙකු වශයෙන් සිටි සමයේ කරුණා අම්මාන් විසින් සිදු කළ බව කියන අපරාධ පිළිබඳව ඔහු විසින් පසුගිය දිනෙක සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කරන ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේ.පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා ඊයේ සඳහන් කළා.
ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් කරුණු විමසීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිටින ලෙසයි ඔහුට දන්වා තිබුණේ.
පසුගිය ජුනි 17 වන දා අම්පාර ප්‍රදේශයේ පැවති දේශපලන හමුවකදී කරුණාඅම්මාන් සඳහන් කර තිබුණේ තමන් එල්.ටී.ටී.ඊ. සංවිධානයේ ක්‍රියාකාරීව සිටියදී හමුදා සාමාජිකයින් 2000ක්, 3000ක් අතර ප්‍රමාණයක් එක් රැයකදී ඝාතනය කළ බවයි.
ඔහුගේ මෙම ප්‍රකාශය මේ වන විට සමාජයේ මෙන්ම දේශපාලන වේදිකාවේදී ද දැඩි සංවාදයට ලක්ව තිබෙනවා.