සංවිධානාත්මක අපරාධකරුවන්ගේ දේපල රාජසන්තක කෙරෙයි

සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මත්ද්‍රව්‍යය ජාවාරමෙන් උපයාගත් චංචල හා නිෂ්චල දේපල සියල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රාජසන්තක...



සංවිධානාත්මක අපරාධකරුවන් විසින් මත්ද්‍රව්‍යය ජාවාරමෙන් උපයාගත් චංචල හා නිෂ්චල දේපල සියල්ල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රාජසන්තක කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.

සංවිධානාත්මක අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක විශේෂ වැඩපිළිවෙල පිළිබඳ කරුණු පැහැදිලි කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දෙශබන්ධු තෙන්නකෝන් මහතා කියා සිටියේ මේ වන විටත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බැංකු ගිණුම් ඇතුලු‍ දේපල රැසක් හඳුනාගෙන ඇති බවයි.

සංවිධානාත්මක අපරාධකරුවන් පෝෂණය කර ඔවුන් හසුරුවන තැනැත්තන් කුමන තරාතිරමක අය වුවද ඔවුන්ට එරෙහිව දැඩි පියවර ගැනීමේ විශේෂ වැඩිපිළිවෙලක් ආරම්භ කර ඇති බවද දේශබන්ධු තෙන්නකෝන් මහතා සඳහන් කළා.


Related

Top 1523065541288299161

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item