රාජිත - අර්ජුන සහ අනුර සාක්ෂි නොදීම සී.අයි.ඩී.යෙන් පිටවෙයි
හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් දේශපාලන පළිගැනීම්...
https://sadisaalk.blogspot.com/2020/06/blog-post_56.html
හිටපු අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබාදීමකින් තොරවම පිටව ගොස් තිබෙනවා.
ඒ, ඇවන්ට්‍ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමේ සිද්ධියට අදාළව තමන් වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබුවේ කුමන පදනමකින්දැයි කොමිෂන් සභාව තමන්ට දැනුම්දී නොමැති බව පවසමින්.
ඇවන්ට්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාලව කොමිසම මඟින් සිදුකෙරෙන විමර්ශනයේ වගඋත්තරකරුවන් ලෙසයි ඔවුන් නම් කරනු ලැබුවේ.
ඒ අනුව මොවුන් අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටියද ප්‍රකාශ ලබා දීමක් සිදු කළේ නැහැ.