සුරක්ෂා ප්‍රතිලාභ සඳහා අයදුම්පත්‍ර භාර දෙන්නැයි ඉල්ලීමක්

සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට වෙත යොමුකරන ලෙස අධ්‍යපන අමාත්‍යංශය දැනුම් දෙනවා. මෙරට සියලු‍ පාසල් සිසු දරු ද...



සුරක්ෂා රක්ෂණ ප්‍රතිලාභ අයදුම්පත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට වෙත යොමුකරන ලෙස අධ්‍යපන අමාත්‍යංශය දැනුම් දෙනවා.

මෙරට සියලු‍ පාසල් සිසු දරු දැරියන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරමින් ක්‍රියාවට නැංවෙන සුරක්ෂා සිසු රක්ෂණ වැඩසටහන යටතේ 2020 මැයි මස 31 වනදා සිට ඉදිරියට ප්‍රතිලාභ ගෙවීම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් සිදු කරනු ඇති.

ඒ අනුව, රක්ෂණ ප්‍රතිලාභ සඳහා නිවැරදිව සම්පූර්ණ කරන ලද ප්‍රතිලාභ අයදුම්පත් හා අදාළ ලිපි ලේඛන ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ප්‍රධාන කාර්යාලයට හෝ දිවයින පුරා පිහිටි ඕනෑම ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා ශාඛාවක් වෙත පැමිණ හෝ තැපෑලෙන් ලබාදිය හැකි වනවා.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ 0112 35 73 57 යන දුරකථන අංකයෙන් ලබා ගත හැකියි.

සුරක්ෂා සේවාව සඳහා ම වෙන්වූ විශේෂ වූ දුරකථන අංක වන  0112 31 90 15 - 0112 31 90 16 ඇමතීමෙන් තව දුරටත් විස්තර ලබා ගත හැකි වනවා.

Related

Top 3199768030420603673

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item