මිනුවන්ගොඩ පොකුරත් 1700 පනී

  මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර  1,721 දක්වා ඉහළ  ගියා. ඒ කොවිඩ් - 19 නව ආසාදිතයන්  132ක් හඳුනා ගැනීමත් සමගයි. කොවිඩ් - 19 පැතිරීම ව...

 


මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ කොවිඩ් පොකුර  1,721 දක්වා ඉහළ  ගියා.

ඒ කොවිඩ් - 19 නව ආසාදිතයන්  132ක් හඳුනා ගැනීමත් සමගයි.

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ එම පුද්ගලයින් අතරින්, පස් දෙනෙක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කරන පුද්ගලයින් වන අතර, අනෙක් පුද්ගලයින් 127  කම්හලේ සේවයන්ගේ  ළඟින් ඇසුරු කළ පුද්ගලයින් බවයි.

මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් පුද්ගලයින් 1,041 දෙනෙකු එම කම්හලේ සේවකයන්.

අනෙක් පුද්ගලයින් 682  කම්හලේ සේවක ආශ්‍රිතයන්.

මිනුවන්ගොඩ ආසාදිත පොකුර වාර්තා වු ආකාරය 

පළමු සතිය තුළ ඔක්තෝබර් 5 සිට 11 දක්වා - 1186

                              ඔක්තෝබර් 12 වන දින - 121

                                ඔක්තෝබර් 13 වන දින - 90

                              ඔක්තෝබර් 14 වන දින - 194

                               ඔක්තෝබර් 15 වන දින - 132 උදෑසන 6 වන විට


මෙරට සමස්ථ කොවිඩ් ආසාදිතයන්ගෙන්  3,357 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටින ගණන  1,800ක්.

මේ අතර අද උදෑසන දෝහා කටාර් සිට පුද්ගලයින් 34 දෙනෙක් දිවයිනට පැමිණියා.

ඔවුන් සියලු දෙනා හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කෙරුණා.

අද දිනය තුළ නිරෝධායන මධ්‍යස්ථාන තුළින් පුද්ගලයින් 254ක් නිවෙස් වෙත යෑමට නියමිතයි.

මේ වන විට පුද්ගලයින් 52,612ක් නිරෝධායන ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටව ගොස් අවසන්.

අද වන විට මධ්‍යස්ථාන 88ක් තුළ පුද්ගලයින් 9,703ක් නිරෝධායනය වෙමින් සිටී.

ඊයේ (14) දිනය වන විට සිදුකර ඇති සමස්ථ පීසීආර් පරීක්ෂණ සංඛ්‍යාව 348,909කි.

මේ අතර අද අලුයම 5 සිට කටුනායක පොලිස් බලප්‍රදේශයට ද නිරෝධායන ඇඳිරි නීතිය පනවා බෙනවා.

ඒ අනුව මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 19ක ඇඳිරි නීතිය ක්‍රියාත්මකයි.



වත්මන් ලෝක තත්වය 


 (2020-10-15 08.00 : මූලාශ්‍ර  – covid19.who.int / worldometers.info)

 පරීක්ෂණවලින් තහවුරු කරන ලද රෝගීන් 

38,743,864

 රටවල් 213ක රෝගය ව්‍යාප්තයි. 

 මරණ  

1,096,876

 සුවය ලැබූ 

29,123,542
 ———————————————————————– 
මෙරට පළමු රෝගියා වාර්තා වූයේ 2020 ජනවාරි 27වනදායි. ඒ චීන ජාතික කාන්තාවක්. 

එතැන් සිට දින 57ක දී මෙරට පළමු රෝගීන් සිය දෙනා වාර්තා වුණා. 

දෙවැනි රෝගීන් සිය දෙනා වාර්තා වූයේ ඉන් පසු දින 20කදී. 

තෙවැනි රෝගීන් සිය දෙනා වාර්තාවීමට ගතවුයේ දින 08ක් පමණයි.

සිව්වැනි රෝගීන් සිය දෙනා දින 04ක් තුළ දී වාර්තා වූවා. 

ඊළඟ සිය දෙනා දින 02ක දී වාර්තා වීමත් සමග කොවිඩ් 19 ව්‍යාප්තියේ යම් වැඩිවීමක් පෙන්නුම් කර තිබෙනවා. 

හේතුවක් නිශ්චිතව හඳුනා නොගත් නියුමෝනියා වසංගත රෝග තත්වයක් මුල්වරට 2019 දෙසැම්බර් 31 වන දින චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් වාර්තා වුණා. 

වසංගත තත්වයට හේතුව නව කොරෝනා වෛරසය බව මුල්වරට හඳුනා ගන්නා ලද්දේ 2020 ජනවාරි 07 වන දායි. 

ජනවාරි 30 දින ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් මෙම රෝගයේ ව්‍යාප්තිය සලකා ගෝලීය මහජන සෞඛ්‍ය හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කළා. 

රෝගයේ කෙටි යෙදුම ලෙස ‘COVID 19’ හඳුන්වා දුන්නේ පෙබරවාරි 11 දින වන අතර මාර්තු 03 දින මෙම රෝග තත්වය ගෝලීය වසංගතයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශයට පත් කළා. 

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ COVID 19 රෝගයේ බීජෞෂණ කාලය දින 2 – 14 අතර බවයි.

Related

Local 2112609688418429018
item