සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් කිරීමට යයි

මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළදී නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පව...



මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ඇතුළත් ගැසට් නිවේදනය ඉදිරි දින දෙක තුළදී නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ මාධ්‍ය ප්‍රධානීන් අතර අද පෙරවරුවේ පැවති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

මේ අතර, මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නොකර ඡන්ද විමසීම පැවැත්වීමට හැකියාවක් නොමැති බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ සඳහන් කළේ.

Related

Top 4650809409777080580
item