අද 49ක් සොයා ගැනෙයි - රෝගීන් 1138ක් දක්වා ඉහළට

නව ආසාදිතයින් 49 දෙනෙකු අද (24) දිනය තුළ හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1138 ක් දක්වා ඉහළ ගිය...



නව ආසාදිතයින් 49 දෙනෙකු අද (24) දිනය තුළ හඳුනා ගැනීමත් සමඟ මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1138 ක් දක්වා ඉහළ ගියා.

කෙසේ වෙතත් දැනට රෝගීන් වාර්තා වන්නේ නාවික හමුදා නියැදියෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින අය අතරින් පමණයි.

ඊයේ(23) දිනයේ පමණක් පී.සී.ආර්.පරීක්ෂණ 1998 ක් සිදුක බව සෞඛ්‍ය අංශ ප්‍රකාශ කළේය.

 කොවිඩ් ආසාදිතයින් ගණන 21 ක් ඊයේ මෙරටින් හඳුනාගත්තා.

ඒ අතරින් 19 දෙනෙකුම නාවික හමුදා සාමාජිකයින්.

සෙසු දෙදෙනා ඩුබායිහි සිට පැමිණ ගිරාගම නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳී සිටි පිරිසෙන් හමුවුනා.

ඒ අනුව නාවික හමුදාවෙන් මෙතෙක් හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 626 ක්.

ඒ අතරින් තවත් 10 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමග සුවය ලැබූ මුළු නාවික හමුදා සාමාජිකයින් ගණන 293ක්.

ඉකුත් අප්‍රේල් 22 වැනිදා පළමු ආසාදිත නාවික සෙබළා හඳුනාගැනීමෙන් දින 32කට පසුවත් එම නියැදියෙන් තවදුරටත් ආසාදිතයින් වාර්තා වනවා.

Related

Top 1001230829333144653

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item