කොරෝනාව ජයගත් ලොව වයස්ගතම තැනැත්තිය

කොරෝනා වෛරසය ආසාදනය වී සුවපත් වූ ලොව වයස්ගතම තැනැත්තිය පිළිබඳ වාර්තා වනවා. 126 හැවිරිදි ඇය දරුවන් 13 දෙනෙකු සහ මුණුපුරු, මිණිපිරියන්...




කොරෝනා වෛරසය ආසාදනය වී සුවපත් වූ ලොව වයස්ගතම තැනැත්තිය පිළිබඳ වාර්තා වනවා.

126 හැවිරිදි ඇය දරුවන් 13 දෙනෙකු සහ මුණුපුරු, මිණිපිරියන් 400කට අධික පිරිසකගේ ආදරය මෙන්ම රටක් ආදරය කළ    තුර්කියේ  එසේ ගෙබෙලෙක් (Eşe Gebelek).

කොරෝනා වෛරසයෙන් සුවපත් වී රෝහලෙන් නික්මුණු ඇය තවත් සති දෙකක් ස්වයං නිරෝධායනයට ලක් කිරීමෙන් අනතුරුව ද යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවනවා.

තුර්කියේ ගිනිකොන දිග  කහරමන්මාරාස්   (Kahramanmaraş) හි පදිංචි  Eşe Gebelek ට  සැබෑ වයස ගැන කිසිම අවබෝධයක් නොමැති බවයි පැවසෙන්නේ.

කාබනික ආහාරවලට හුරු පුරුදු වී සිටින ඇය රෝහලේ වෛද්‍යවරුන්ට සහ හෙදියන්ට ස්තූති කරමින් “ඔවුන් මාව රැකබලා ගත්තා, මට හොඳින් සැලකුවා” කියා ස්තුති  කිරීමටද අමතක කර නැහැ.

ඇය සතියක් දැඩි සත්කාර ඒකකයේත්, තවත් සතියක් රෝහල් කාමරයේත් ගත කළා.

ඇයට වෙනත් සෞඛ්‍ය ගැටලු මතුව නැහැ.



Related

Foreign 5334105492707557330

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item