පළමු තේරීම් කාරක සභාව මෙන්න

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ කටයුතුකිරීම සඳහා  තේරීම් කාරක සභාව පත් කෙරුණා. ඒ අද පෙරවරුවේ  රැස් වූ පාර්ලිමේන්තුවේ දී. තේරීම් කාරක සභ...


නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරයේ කටයුතුකිරීම සඳහා  තේරීම් කාරක සභාව පත් කෙරුණා.

ඒ අද පෙරවරුවේ  රැස් වූ පාර්ලිමේන්තුවේ දී.

තේරීම් කාරක සභාවේ සභාපතිත්වය කතානායකවරයා සතුයි.




මේ අතර නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය අද (21) විවාදයට  ගැනෙනවා.

ඒ මන්ත්‍රී යෝජනාවක් අනුවයි.

ජනාධිපතිවරයා විසින් ඊයේ (20) නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළා.

මේ අතර ස්ථාවර නියෝග 27 (2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී රැකියා විරහිත උපාධිධාරීන් පිළිබඳ විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ඇති.

මේ අතර ඊයේ පැවති  පක්ෂ නායක රැස්වීමේ දී තීරණය කර ඇත්තේ ලබන 27 සහ 28 යන දිනවල පාර්ලිමේන්තුව රැස්වීමටයි.

එම දිනවල පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වී දිවා ආහාර විවේකයෙන් තොරව පස්වරු 6.30 දක්වා පාර්ලිමේන්තු පවත්වාගෙන යනු ලබයි.

මේ අතර සැප්තැම්බර් 01 වනදා සිට 2020 වර්ෂයට අදාල අයවැය සම්මත වන තුරු කාලය සඳහා වියදම් දැරීමට රජය විසින් ඉදිරිපත් කරනු ලබන අතුරු සම්මත ගිණුම ස්ථාවර නියෝග 27 අනුව න්‍යාය පුස්තකය මගින් මන්ත්‍රීවරුන්ට දැනුම් දීමට පක්ෂ නායකයන  තීරණය කර තිබෙනවා.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය සඳහා සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා නම් කර කිරිමටයි ඊයේ   එම පක්ෂය තීරණය කළේ.

මේ අතර මරණ දඬුවමට ලක්ව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන පාර්ලිමේන්තුවට තේරී පත්වු ප්‍රේමලාල් ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට යළි දැනුම් දි තිබෙනවා.

ඊයේ ඔහු පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස දැනුම් දුන්නද ප්‍රේමලාල් ජයසේකර මහතා පාර්ලිමේන්තු මංගල සැසිවාරය සඳහා සහභාගි වුයේ නැහැ.


Related

Local 365114723190723060

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item