බෝගොල්ලාගම එජාපයෙන් අස්වී යන තැන ගැන කියයි

හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා. මේ සම්බන්ධයෙන...



හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කළ බවයි හෙතෙම සඳහන් කළේ.

ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී අවසන් බව ද ඔහු  කියා සිටියා.

එක්සත් ජාතික පක්ෂය පටු දේශපාලන ගමන් මඟකට යොමුව ඇති බව පවසන රෝහිත බෝගොල්ලාගම මහතා අවධාරණය කළේ තම ස්ථාවරය   වන්නේ 'රට පළමුව' යන සංකල්පය බවයි.

රටේ හා ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගත යුතු බවත් එවැනි න්‍යායපත්‍රයක් වෙනුවෙන්  කැපවෙන බව ද හෙතෙම අවධාරණය කළා.

Related

Top 2888437362864466563
item