අපයෝජනයට ලක් වූ 'උසස් පෙළ අපේක්ෂිත සිසුවිය' දැඩි රුධිර වහනයෙන් මරුට

බලංගොඩ ප්‍රදේශයේ දී අපයෝජනය ට ලක් වූ බව පැවසෙන දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී. දැරියගේ පශ්චාත් ම...



බලංගොඩ ප්‍රදේශයේ දී අපයෝජනය ට ලක් වූ බව පැවසෙන දැරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ බලංගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී.

දැරියගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (07) පස්වරුවේ  සිදුකර තිබෙනවා.

එහිදී අධිකරණ වෛද්‍යවරයා විසින් දැරියගේ සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක වෙත යොමු කර වාර්තාවක් ලබා ගන්නා බවටයි දන්වා ඇත්තේ.

රාවණා කන්ද ප්‍රදේශයේ පදිංචි 17  හැවිරිදි දැරිය උසස් පෙළ සඳහා බලංගොඩ  පාසලකට  ඇතුළත් වීමට නියමිතව සිට තිබෙනවා.

ඒ අනුව අලුත් ඇඳුමක් මැසීමට දී එය  ලබා ගැනීමටයි පසුගිය 5 වැනි දා ඇය  බලංගොඩ නගරයට ගොස් ඇත්තේ.

ඒ ගමනේ දී ඇය අතුරුදන්ව ඇති බව සඳහන්.

දෙමාපියන් ඒ  පිළිබඳ පොලීසියට  පැමිණිලි කර තිබෙනවා.

පසු දින  දෙමාපියන් ට  දැරිය පින්නවල, ගයහිවත්ත ප්‍රදේශයේ නිවෙසක සිටින බවට හෝඩුවාවක් ලැබී තිබුණා.

ඒ පිළිබඳ පොලීසිය දැනුම්වත් කළත් දෙමාපියන් පවසන්නේ පොලීසිය, දැරිය සිට ඇති ස්ථානයට නොගිය බවයි.

පියා සහ තවත් පිරිසක්  දැරිය සිටි ස්ථානයට ගොස් තිබූ අතර දියණිය නිවසක ඇඳක් මත වැතිර සිටි බවයි පැවසෙන්නේ.

එම ස්ථානයේ සිටි තරුණ සැකකරුවෙකු  අල්ලා පොලීසියට භාර දීම ට කටයුතු කළ  එහි ගිය පිරිස දැරිය වහා  බලංගොඩ රෝහල ට ඇතුළත් කිරීමට පියවර ගත්තා.

සැකකරු  24 හැවිරිදි බලංගොඩ, සින්නවල, ගයිවත්ත ප්‍රදේශයේ පදිංචි අයෙක්.

දැරියට සැත්කමක් කිරීමට සිදු වූ බවරෝහලෙන් පැවසුව ද  දැරිය පසුව මියගොස් තිබෙනවා.

අධික රුධිර වහනය හේතුවෙන් 07දා පස්වරුවේ  ඇය  මියගොස් ඇති බවයි පැවසෙන්නේ.

දැරිය බළන්ගොඩ, පින්නවල, රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි  හිමාෂා දෙව්මිණි දයාරත්න නම්  17 හැවිරිදි තරුණියයි.

අත්අඩංගුවට ගත් සැකකරු  21 වන දා දක්වා  රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බළන්ගොඩ මහෙස්ත්‍රාත්  ජයරුවන් දිසානායක මහතා නියෝග කළා.

පින්නවල පොලිසිය විමර්ශන මෙහෙයවනවා.


මේ පිළිබඳ මව්බිම වාර්තා කර තිබුනේ මෙලෙසින්. 

අපයෝජනයට ලක්වූ තරුණිය අධික රුධිර වහනයෙන් මිය ගිහින්

 

බළන්ගොඩ - නලින්ද වලේබොඩ, කල්තොට - එස්. වීරවංශ, බළන්ගොඩ - පියසේන එන්. හේවගේ
අපයෝජනයට ලක්වූ තරුණියක අධික රුධිර වහනය වීම හේතුවෙන් බළන්ගොඩ මූලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත්දා (07දා) සවස මියගොස් ඇතැයි පොලිසිය පවසයි.
බළන්ගොඩ, පින්නවල, රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචිව සිටි  හිමාෂා දෙව්මිණි දයාරත්න නමැති 17 හැවිරිදි තරුණියක මෙලෙස මියගොස් ඇත. අපයෝජනයට ලක් කළ ගයාන් මධුසංක නමැති 24 හැවිරිදි තරුණයකු පින්නවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු බළන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 21 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බළන්ගොඩ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා නියෝග කළේය.
මහන්න දුන් ඇඳුම් ලබාගැනීම සඳහා ඉකුත් 5 වැනිදා එම දැරිය නිවෙසින් බැහැරව ගොස් ඇත. පසුව නිවෙසට නැවත පැමිණ නැති නිසා ඒ සම්බන්ධයෙන් දැරියගේ මවුපියන් විසින් පින්නවල පොලිසිය වෙත පැමිණිල්ලක්ද කර ඇත. දන්නා හඳුනන අයගෙන් ලබාගත් තොරතුරු අනුව එම දැරිය පින්නවල, ගයහිවත්ත ප්‍රදේශයේ නිවෙසක සිටින බවට මවුපියන් තොරතුරු සොයාගෙන ඇත.
වහාම මවුපියන් වලේබොඩ, පුදුකාටුව ප්‍රදේශයට ගොස් දැරිය ගැන සොයා බැලීමේදී නිවෙසක සිහිසුන් නොමැතිව සිටි දැරිය හමුවී ඇති බව දැරියගේ පියා වන බළන්ගොඩ, රාවණාකන්ද ප්‍රදේශයේ පදිංචි ඩී.ඒ. නිමල් දයාරත්න මහතා (42) පින්නවල පොලිසියට දුන් කට උත්තරයේ සඳහන්ය.
එම ප්‍රදේශයේ පදිංචි තරුණයකු දැරිය පැහැර ගෙන දැඩිලෙස ලිංගික අපචාරයක් සිදුකිරීම නිසා මෙලෙස සිහිසුන් නැතිව සිටි බව පියා පොලිසියට දුන් කට උත්තරයේ වැඩිදුරටත් සඳහන් වේ.
ඒ අනුව මවුපියන් වහාම දැරිය පින්නවල පොලිසියට රැගෙන ඒමෙන් අනතුරුව පොලිසිය මඟින් දැරිය බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත්දා (07දා) දින සවස 3.30ට පමණ දැරිය මියගොස් ඇති බව පොලිසිය කියයි.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ කටයුතු ඊයේ (08දා) බළන්ගොඩ මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.
පින්නවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරති.

Related

Trending 3500295111598846335

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item