BREAKING: තවත් කොරෝනා රෝගීන් 196ක් හමුවෙයි - කන්දකාඩුවෙන් 252ක්

තවත් කොරෝනා රෝගීන්  196ක් හමුව තිබෙනවා. ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්. වෛරස ආසාදිතයන් 56 දෙනෙකු ඊයේ එම මධ්‍යස්ථානයෙන්ම හඳුනාගෙන...



තවත් කොරෝනා රෝගීන්  196ක් හමුව තිබෙනවා.

ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්.

වෛරස ආසාදිතයන් 56 දෙනෙකු ඊයේ එම මධ්‍යස්ථානයෙන්ම හඳුනාගෙන තිබුණා.

නව රෝගීන් 196 දෙනා සමග කන්දකාඩු නිරෝධායන  මධ්‍යස්ථානයෙන් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 252 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් සහ එහි කාර්ය මණ්ඩලය සඳහා ඊයේ (09) සිදුකළ පීසීආර් පරීක්ෂණවල දී මෙම නව ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා.

කන්දකාඩු මධ්‍යස්ථානයේ රැඳවියන් හා කාර්යමණ්ඩලයේ පීසීආර් පරීක්ෂණ 338ක ප්‍රතිඵල මේ වන විටත්  ලැබී ඇති බවයි  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.


මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයේ තවදුරටත් ආසාදිතයින් වාර්තා වීමේ ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය සේවා අධයක්ෂ ජනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ.

එසේම අදාළ කාලය තුළ, මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය කිරීමේ කන්දකාඩු මධ්‍යස්ථානයෙන්, පුනරුත්ථාපනය අවසන් කර පිටතට යවන ලද රැඳවියන් සහ ආශ්‍රිතයන් ද හඳුනාගනිමින් පීසීආර් පරීක්ෂණ සහ නිරෝධායන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව මෙම ස්ථානයෙන් සමාජය තුළට කොවිඩ් 19 පැතිර යාම වැළැක්වීමට සියලු පියවර ගනිමින් පවතින බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටී.



Related

Top 1538937487448897511

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item