පෙර පාසල් සහ 1, 2 ශ්‍රේණි අගෝස්තු 10 යළි ආරම්භ කෙරෙයි

සියලු පාසල්වල 1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කිරීමට දින නියම කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ ඒ අනුව අගෝස්තු මස ...



සියලු පාසල්වල 1, 2 ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කිරීමට දින නියම කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ ඒ අනුව අගෝස්තු මස 10 වැනි දා සඳුදා එම ශ්‍රේණි සහ පෙර පාසල් යළි ආරම්භ කෙරෙන බවයි.
මාස තුනකට ආසන්න කාලයක් වසා දමා තිබූ පාසල් පළමු අදියර ට ජුනි 29 යළි විවෘත කෙරුණත් කොවිඩ්-19 වෛරස ව්‍යාප්තිය පාලනය සඳහා අදියර කිහිපයක් යටතේයි දරුවන් පාසල් වෙත වෙත ගෙන්වා ගැනීමට තීරණය කෙරුණේ.
ඒ අනුව ‍ජූනි 29 වැනිදා පාසල් විවෘත කෙරුණේ ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පමණයි.
සිසුන් වෙනුවෙන් පාසල් විවෘත කිරීම ආරම්භ කෙරෙනුයේ ජූලි 6 වැනිදායි.
එදින දෙවන අදියර වෙන් කෙරෙන්නේ මෙවර උසස් පෙළ, සාමාන්‍ය පෙළ හා ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන්.
ජූලි 17 වැනිදා තෙවැනි අදියර ඇරඹෙන අතර, 10 හා 12 ශ්‍රේණිවල සිසුන් පමණක් එදිනෙන් පසු ගෙන්වීමට නියමිතයි.
සිව්වැනි අදියර ජූලි 27 වැනිදා ආරම්භ වන්නේ 3 සිට 9 දක්වා වසරවල සිසුන් සඳහා පමණී.
අගෝස්තු 10 වනදා පස්වන අදියර යටතේ 1, 2 ශ්‍රේණි දරුවන් ට පාසල් යළි ආරම්භ කෙරෙනවා.
සියලුපාසල් පෙරවරු 7.30 ට ආරම්භ කර 10, 11, 12, 13 යන ශ්‍රේණිවල සිසුන්ට පස්වරු 3.30 වනතුරු පන්ති පැවැත්වෙයි.
6, 7, 8 සහ 9 පන්තිවල සිසුන් පස්වරු 1.30 දක්වාද, 5 වසර සිසුන්ට දහවල් 12 දක්වාද, 3 සහ 4 වසරවල දරුවන් සඳහා පෙරවරු 11.30 දක්වාද පන්ති පැවැත්වීමට නියමිත බවයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේ.
මේ අතර අගෝස්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබු 2020 උසස් පෙළ විභාගය සැප්තැම්බර් 7 වැනිදා සිට ඔක්තෝබර් 2 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
5 වසර ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් 13 වනදා ඉරිදා පැවැත්වෙනු ඇති.
මෙවර උසස් පෙළ විභාගය සඳහා සිසුන් 3,66,783 දෙනෙකු පෙනී සිටීමට නියමිත අතර 5 වසර ශිෂ්‍යත්ව විභාගය සඳහා සිසුන් 3,34,381 දෙනෙකු පෙනී සිටීමට නියමිතයි.
මේ අතර ජුලි 12 දින සිට දහම් පාසල් ද අදියර කිහිපයක් යටතේ යළි විවෘත කිරීමට අනුමැතිය ලබා දී ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය අනිල් ජා සිංහ මහතා විසින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා වෙත දන්වා තිබෙනවා.
ඒ අනුව දහම් පාසල්හි 11,12,13 ශ්‍රේණි සඳහා ජුලි මස 12 දින ද, 3ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා ජුලි මස 26 දින ද, 1 සහ 2 ශ්‍රේණි දරුවන් ට පාසල්වල එම ශ්‍රේණි ආරම්භ කිරීමෙන් අනතුරුව එළෙඹෙන සතියේ එනම් අගෝස්තු 16 විවෘත කිරීමට අවසර හිමි වන බවයි බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ.

Related

Top 5636031245839869930

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item