එකම දිනයේ දුම්රියන් දෙකක් එකම පැත්තේ පීලි පනියි – එකක් පීලිගත කෙරෙයි (PHOTOs)

උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැන  තිබූ දුම්රියන් දෙකෙන් එකක් මේ වන විට පීලි ගත කර තිබෙනවා. අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථාන දෙක අතර ඊයේ (01)...


උඩරට දුම්රිය මාර්ගයේ පීලි පැන  තිබූ දුම්රියන් දෙකෙන් එකක් මේ වන විට පීලි ගත කර තිබෙනවා.

අඹේවෙල සහ පට්ටිපොල දුම්රිය ස්ථාන දෙක අතර ඊයේ (01) උදෑසන පිලි පැනිමට ලක් වූයේ අංක  1126 දරණ දුම්රියේ ඉන්ධන ප්‍රවාහන ටැංකියක්.

මේ අතර හැටන් දුම්රිය ස්ථානය අසලදි ඊයේ  (01) පස්වරුවේ පිලි පැනිමට ලක් වූයේ අංක 1059 දරණ භාණ්ඩ ප්‍රවාහන දුම්රියේ මගී ප්‍රවාහන මැදිරියක්.

රාත්‍රි 11 පමණ වන විට එය  පීලි ගත කළ බව දුම්රිය දෙපාර්තුමේන්තුවේ මධ්‍යම පළාත් දුම්රිය ප්‍රවාහන අධිකාරි ආනන්ද කරුණාරත්න මහතා පැවසුවා.

අඹේවෙල සහ පට්ටිපොල අතර දී ඊයේ  උදැසන පිලි පැනිමට ලක් වු  දුම්රියේ ඉන්ධන ප්‍රවාහන ටැංකිය පීලි ගත කිරිමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙනවා.

ඒ හේතුවෙන්  කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය කරවන සියළු දුම්රියන් උඩරට දුම්රිය මාර්ගය යථා තත්ත්වය පත් වන තෙක් නානුඔය දක්වා පමණක් ධාවනය කෙරෙනු ඇති.

බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ධාවනය කෙරෙන  උඩරට මැණිකේ දුම්රිය අද (02)  නානුඔය දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කර තිබෙනවා.

අඹේවෙල සහ පට්ටපොල අතර දී පීලි පැනිමට ලක් වු ඉන්ධන ප්‍රවාහන ටැංකියට සහ දුම්රිය මාර්ගයට දැඩි අලාභ හානි සිදුව ඇති බවද ආනන්ද කරුණාරත්න මහතා සඳහන් කළා.

උඩරට දුම්රිය මාර්ගයේ භාණ්ඩ දුම්රියන් දෙකක් එකම දිනයේ පීලි පැනිම සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වෙනවා.

(හැටන් - රංජිත් රාජපක්ෂ) 














Related

Top 7600433470638273013
item