පිටිපන හොර අඹුවකගේ රහස් කුටියකින් ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනෙයි

හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී තවත් අවි ආයුධ තොගයක් සමග පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපු...



හෝමාගම, පිටිපන ප්‍රදේශයේ දී තවත් අවි ආයුධ තොගයක් සමග පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ජයවර්ධනපුර ඒකකය පැවසුවේ සැකකාර කාන්තාවක් ද අත්අඩංගුවට ගත් බවයි.
හෝමාගම පිටිපන නගරයේ පිහිටි පුද්ගලික සමාගමක ආයුධ පවතින බවට පොලිස් විශේෂ කාර්ය බලකාය ට පසුගිය දා තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව තට්ටු 5කින් යුත් ගොඩනැඟිල්ලක පහත මහලේ ව්‍යාපාරික භාණ්ඩ ගබඩාවක සඟවා තිබු ටී 56 ගිනි අවි 11 ක් හා ටී 81 වර්ගයේ ගිනි අවියක් සමග ගොඩනැඟිල්ලේ අයිතිකරු හා තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබුවෙ පසුගිය 29 වන දිනයි.
එම ගොඩනැඟිල්ලේ අයිතිකරු විසින් අනියම් සම්බන්ධතාවයක් පැවැත් වු බවට සැක කෙරෙන කාන්තාවකගේ නිවසක් අද (01) පරික්ෂා කර ඇත්තේ හෝමාගම පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්.
ඒ රාජ්‍ය බුද්ධි සේවා නිලධාරීන් විසින් ලබා දෙන ලද තොරතුරකට අනුවයි.
නිවස පිහිටා තිබෙන්නේ පිටිපන උතුර, සිල්වස්ටන් වත්ත, 4 වන පටුමග ප්‍රදේශයේ .
නිවසේ රහස් කුටියක තිබී බොඩි ආමර් 2ක්, රිපීටර් ෂොට් ගන් එකක් හා සජීව උණ්ඩ 4ක්, හෑන්ඩ් ග්‍රෙනේඩ් 7ක් සහ හඳුනා නොගත් උණ්ඩ 4ක් ආරක්ෂක අංශ භාරයට ගැනුණා.

Related

Top 6635841698889524998

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item