කරුණා අම්මාන් ට එරෙහිව ජගත් මානව හිමිකම් කොමිසමත් විමර්ශනයක් ඉල්ලයි

ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වන කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව එ...




ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු වන කරුණා අම්මාන් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම පවසනවා.
නිවේදනය නිකුත් කරමින් ජගත් මානව හිමිකම් කොමිසම දක්වා ඇත්තේ ජාත්‍යන්තර නීතිය යටතේ කරුණා අම්මාන් අපරාධ ක්‍රියාවක් සිදුකර ඇති බවයි.

ඒ අනුව ‘තොග පිටින්’ ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් කරුණා අම්මාන්ට එරෙහිව විමර්ශන කළ යුතු බවයි ට්විටර් සටහනක් තබමින් කොමිසම ප්‍රකාශ කර ඇත්තේ.

වගවීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අදාළ විය යුතු බව පවසන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම දක්වා ඇත්තේ ….
“එල්.ටි.ටි.ඊ. සංවිධානයේ හිටපු නායකයෙකු මෙන්ම රජයේ හිටපු අමාත්‍යවරයෙක් වන කරුණා අම්මාන් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුවී තිබෙනවා.
ඔහු විසින් අතීතයේ සිදුකළ යුධ අපරාධ සම්බන්ධයෙන් සිදුකෙරෙන එම පරීක්ෂණයන්ට අදාළව ඔහු විසින් තොග වශයෙන් ළමා සොල්දාදුවන් බඳවා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුයි.
වගවීම ශ්‍රී ලංකාවේ සෑම කෙනෙකුටම අදාළ විය යුතු යි”
යන්නයි.

Related

Top 7855267687471988381

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item