අකුණුසැර වැදීමෙන් ඉන්දියාවේ 107 දෙනෙකු මරුට

අකුණුසැර වැදීම්වලින් ඉන්දියාවේ බිහාර් සහ උත්තර ප්‍රාන්ත පුද්ගලයන් 107 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ ගතවූ පැය 24ක කාලය තුළ ස්ථාන රැසකට අ...




අකුණුසැර වැදීම්වලින් ඉන්දියාවේ බිහාර් සහ උත්තර ප්‍රාන්ත පුද්ගලයන් 107 දෙනෙකු මියගොස් තිබෙනවා.

ඒ ගතවූ පැය 24ක කාලය තුළ ස්ථාන රැසකට අකුණු සැර වැදීමෙන්.
වැඩි දෙනෙකු ගොවීන් වන අතර ඔවුන් තම වගා කටයුතුවල නිරතව සිටියදී අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

තවත් බොහෝ පිරිසක් පිළිස්සුම් තුවාල ලබා සිටිනවා.

මියගිය පුද්ගලයෙකු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 4 බැගින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ට ලබාදීමටයි ප්‍රාන්ත බලධාරීන් තීරණය කර ඇත්තේ.

ට්විටර් පණිවුඩයක් නිකුත් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ සහන සේවා ක්‍රියාත්මක කිරීම් වෙනුවෙන් උත්තර් ප්‍රදේශ් සහ බිහාර් ප්‍රාන්ත රාජ්‍යයන් යුහුසුළුව කටයුතු කරනු ඇති බවයි.

ඛේදනීය සිදුවීම සම්බන්ධයෙන් තමන් මහත් කම්පාවට පත්ව සිටින බවත් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

වාර්ෂික මෝසම් සමය උදා වී ඇති බැවින් අකුණු අනතුරු වැඩි වශයෙන් සිදුවිය හැකි බවයි එරට කාලගුණ අංශ අනතුරු අඟවා ඇත්තේ.

2018 දී ඉන්දියාවේ අකුණු සැර වැදීමෙන් පුද්ගලයින් 2,300 කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ජාතික අපරාධ වාර්තා කාර්යාංශය පවසනවා.

Related

Top 1662113274192615556
item