කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය මෙහෙය වූ 'දකුණේ ප්‍රධානි' කළු මල්ලි අල්ලයි

බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ පුද්ගලයා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල...



බන්ධනාගාරගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙය වූ පුද්ගලයා ලෙස සැලකෙන රොහාන් ප්‍රදීප් හෙවත් කළු මල්ලි පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අංගොඩ ප්‍රදේශයේ දී  ඊයේ රාත්‍රියේ (09) ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ.

සැකකරුගේ බැංකු ගිණුමකට පසුගිය මාස 3 තුළ රුපියල් මිලියන 42.8ක් බැර වී ඇති බව ද හෙළිදරව් වී තිබෙනවා.

'කළු මල්ලි' දකුණු පළාතේ මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ප්‍රධානියා ලෙසයි ජනතාව පවසන්නේ.

මෙම සැකකරු පසුගිය වසර එක  හමාරක පමණ කාලය  තුළ  මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් මිලියන 100කට අධික මුදලක් උපයාගෙන ඇති බව ද  කියැවෙයි.




Related

Top 7181700530042280405

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item