විකිණීමට සූදානම් කළ කේරළ ගංජා කිලෝ 18ක් අල්ලයි

බොදා හැරිම සඳහා  සූදානම් කොට තිබු කේරළ ගංජා කිලෝ 18ක් සමග විශාල සැකකරුවන් දෙදෙනෙකු  අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ චාවකච්චේරි සුරාබදු නිලධාරි...




බොදා හැරිම සඳහා  සූදානම් කොට තිබු කේරළ ගංජා කිලෝ 18ක් සමග විශාල සැකකරුවන් දෙදෙනෙකු  අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ චාවකච්චේරි සුරාබදු නිලධාරින් විසින්.

සැකකරුවන් ත්‍රිකුණාමළය හා චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙක් වන අතර ඔවුන් චාවකච්චේරි  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත්  කිරිමට නියමිතයි.

ලද තොරතුරක් මත යාපනය  චාවකච්චේරි ප්‍රදේශයේ කළ වැටලීමේදි නිලධාරීන්ගේ භාරයට ගත් කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 30 ඉක්මවන බවයි නිලධාරීන් පවසන්නේ.

සුරාබදු කොමසාරිස් ජනරාල් ඒ.බෝදරගම මහතාගේ උපදෙස් පරිදි අතිරේක සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත දිසානායක මහතා හා නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතාගේ මග පෙන්විම යටතේ උතුරු පලාත් 1 සහකාර සුරාබදු කොමසාරිස් ප්‍රභාත් ජයවික්‍රම මහතාගේ උපදෙස් මත සුරාබදු අධීකාරි කිරුපාකරන් මහතාගේ මෙහෙයවිමෙන්, චාවකච්චේරි සුරාබදු ස්ථානාධිපති අයි.එන්.පියශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්, සුරාබදු පරික්ෂක විරතුංග, සුරාබදු සැරයන් ශ්‍රි බවන්, සුරාබදු නියාමක 704 මුරුගදාසන් , 903 ජයක්‍රිෂන්, 1001 ඉන්ද්‍රබාලා, 1022 රොඩිනි, 1207 සුභෝෂ්, සුරාබදු රියදුරු බණ්ඩාර යන නිළධාරින්ගේ සහභාගීත්වයෙන් මෙම වැටලිම සිදු කර තිබුණා.

Related

Top 2835940251748001576
item