BREAKING: කොරෝනා ආසාදිත තවත් 57ක් හමුවෙයි

කොවිඩ් ආසාදිත තවත් පුද්ගලයන් 57 දෙනෙකු අද හඳුනා ගෙන තිබෙනවා. ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්. එම පිරිසට කන්දකාඩු පුනරුත්ථ...



කොවිඩ් ආසාදිත තවත් පුද්ගලයන් 57 දෙනෙකු අද හඳුනා ගෙන තිබෙනවා.

ඒ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන්.

එම පිරිසට කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ පිරිසක් ද අයත්.

පසුගියදා කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනා ගත් වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියා මාස තුනකට ආසන්න කාලයක්, කන්දකාඩු මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි පුනරුත්ථාපනයට ලක්කළ අයෙක් වන අතර ඒ අනුව කන්දකාඩු මධ්‍යස්ථානයෙහි රැඳවියන් සහ කාර්ය මණ්ඩලයේ 450ක පමණ පිරිසක් පීසීආර් පරීක්ෂණ සඳහා ලක්කර තිබෙනවා.

එම පිරිස අතුරින් මෙම ආසාදිතයින් හඳුනා ගෙන ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසන්නේ.

එසේම අද (09) උදෑසන මාරවිල ප්‍රදේශයෙන් ද කොවිඩ් ආසාදිත කාන්තාවක හඳුනා ගැනුණා.


ඇය ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙහි උපදේශිකාවක්.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් හඳුනා ගැනුණු ආසාදිතයන් ගණන 2151 දක්වා ඉහළ ගියා.

Related

Top 3616285598482229973

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item