අනුර කුමාර ජනපති කොමිසමට පැමිණෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා. ඒ අද ප...


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබෙනවා.

ඒ අද පෙරවරුවේ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස  කෙරුණු  දැනුම් දීමකට අනුවයි.

ඇවන්ට්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාලව කොමිසම මඟින් සිදුකෙරෙන විමර්ශනයේ වගඋත්තරකරුවන් ලෙස ඔහු නම් කර තිබෙනවා.



ඊට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, අර්ජුණ රණතුංග ඇතුළු පාර්ශව 17 ක් පසුගියදා නම් කරනු ලැබුවා.

ඒ අනුව මොවුන් අද දිනයේ කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතව තිබෙනවා.

Related

Top 3251440100537658556
item