කොරෝනා පරීක්ෂණ එපා - ආසාදිතයෝ වැඩිවෙයි - ට්‍රම්ප් කියයි

ලොවපුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබෙනවා. ඒ අනුව ලොවපුරා වාර්තා වන ආසාදිතයින් ගණන 90 ලක්ෂ 79,778ක්. කොවිඩ් න...


ලොවපුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ ගණන ලක්ෂ 90 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව ලොවපුරා වාර්තා වන ආසාදිතයින් ගණන 90 ලක්ෂ 79,778ක්.

කොවිඩ් නයින්ටීන් වෛරසය හේතුවෙන් ලොවපුරා සිදුව ඇති මරණ සංඛ්‍යාව හාරලක්ෂ 71, 289ක් වන අතර  ආසාදිතව සිටි පුද්ගලයන්  48 ලක්ෂ 63,030දෙනෙකු සුවය ලබා ඇති බවයි වාර්තා වන්නේ.

කොරෝනා වසංගතය පැතිර ගිය පසු දිනක දී එනම් පැය 24කදී වාර්තාවූ වැඩිම ආසාදිතයන් ගණන ඊයේ (21)   වාර්තාවූ බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කළා.

එම සංඛ්‍යාව එක්ලක්ෂ අසූ තුන්දහසකට අධිකයි.

ගණනය කිරීම්වලට අනුව කොවිඩ් වසංගතයෙන් ලොව එක් දිනක දී හඳුනාගත් ඉහළම සමස්ත ආසාදිතයන් ගණන වාර්තා වී තිබෙන්නේ ගතවූ පැය 24 දීයි.

එම පිරිසෙන් වැඩිම ආසාදිතයන් පිරිසක් වාර්තා වී තිබෙන්නේ බ්‍රසීලය, අමෙරිකාව සහ ඉන්දියාවෙන්.

මේ අතර කොරෝනා පරීක්ෂණ ප්‍රමාද කරන්නැයි ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්  ට්‍රම්ප් එරට බලධාරීන්ට උපදෙස් දී තිබෙනවා.

ඒ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක දී.

වසංගතයෙන් ලොව වැඩිම බලපෑමක්  එල්ලවී ඇති අමෙරිකාවේ සමස්ත ආසාදිතයන් ගණන  විසි තුන්ලක්ෂ 57,323යි.

එරටින් මරණ 122,259ක් මේ වන විට වාර්තා වී තිබෙනවා.

ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක රැළියක්  පැවති ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා නගරයේ දෛනික කොවිඩ් ආසාදිතයන්ගේ වාර්තාගත ඉහළයෑමක් ද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

කොරෝනා පරීක්ෂණ වැඩියෙන් සිදු කරන විට ආසාදිතයින් ගණන ඉහළ යන බැවින් පරීක්ෂණ ප්‍රමාද කරන ලෙස පරිපාලනයට දැනුම් දුන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ.

Related

Top 5352100454587530791

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item