අනතුරකින් හමුදා නර්තන ශිල්පියෙකු ජීවිතක්ෂයට – තිදෙනෙකු ට තුවාල (PHOTOs)

පුත්තලම -  කුරුණෑගල මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් යුධ හමුදා  නර්තන ශිල්පියෙකු මිය ගොස්  කාන්තාවක ඇතුළු තිදෙනෙ...



පුත්තලම -  කුරුණෑගල මාර්ගයේ 10 කණුව ප්‍රදේශයේදී සිදුවූ යතුරු පැදි අනතුරකින් යුධ හමුදා  නර්තන ශිල්පියෙකු මිය ගොස්  කාන්තාවක ඇතුළු තිදෙනෙකු  තුවාල ලබා තිබෙනවා.

මිය ගොස් ඇත්තේ ආණමඩුව සමගි උදාගම පදිංචිව සිටි පනාගොඩ යුධ හුමදා කදවුරේ පොදු සේවා බළකායේ සේවය කල  ප්‍රියාන් ප්‍රීතී ප්‍රියදර්ශණ (25)
නම් දක්ෂ උඩරට නර්තන ශිල්පියෙක්.

පනාගොඩ යුධ හමුදා කදුවුරේ පොදු සේවා බළකායේ සේවය කරන  එකම පවුලේ අයියා මල්ලී දෙදෙනා නිවාඩුවට පැමිණ, මිතුරකුගේ නිවසට ගොස් යළි  ආණමඩුව බලා එන අතරතුර ඊයේ රාත්‍රියේ යතුරු පැදිය මාර්ගයේ ගිය පුද්ගලයකුගේ ගැටී තිබෙනවා.

එම මෙහොතේ මාර්ගයේ ගමන් ගත් තවත් යතුරු පැදියක් හා මාර්ගයේ නවතා තිබූ කාර් රථයක් ද  යතුරු පැදියේ ගැටී ඇති බවයි පැවසෙන්නේ.

තුවාලකරුවන් පුත්තලම රෝහලෙන්  කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.

අනතුර පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක බව ආණමඩුව පොලීසියේ   රථවාහන අංශය සඳහන් කළා.

(කේ.ප්‍රියංකර කළුපහන - පුත්තලම )








Related

Top 6085230948290371424
item