හැඳුනුම්පත් එක් දින සේවය යළි ඇරඹෙයි

තාවකාලිකව නවතා දමා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය සෞඛ්‍ය ආරක්ෂක නියාමනයන්ට අනුව අද  යළි ආරම්භ කර තිබෙනවා. කොවිඞ් 19 වසං...


තාවකාලිකව නවතා දමා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවය සෞඛ්‍ය ආරක්ෂක නියාමනයන්ට අනුව අද  යළි ආරම්භ කර තිබෙනවා.

කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් එම එක්දින සේවය පසුගිය  මාර්තු 17 වනදා සිට අත්හිටුවීමටයි පියවර ගැනුණේ.

මෙහි පළමු අධියර යටතේ අන්තර්ජාලය ඔස්සේ කලින් දින සහ වේලාවන් වෙන් කරගත් 250 දෙනෙකුට එක්දින සේවා හැඳුනුම්පත් නිකුත් කිරීම සිදුකෙරෙනු ඇති.

මේ අතර, රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා ලබාදී තිබු සහන කාලය යළි සංශෝධනය කර තිබෙනවා.

ඒ, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත ලද මහජන පැමිණිලි සැළකිල්ලට ගනිමින්.

ඒ අනුව මාර්තු මස 13 සිට ජුනි මස 30 වනදා අතර කාලසීමාව තුල කල් ඉකුත් වූ රියදුරු බලපත්‍ර සඳහා මාස 06ක සහන කාලයක් හිමිවනු ඇති.

ජුනි මස 30 සිට සැප්තැම්බර් 30 වන දින දක්වා කාලය තුළ කල් ඉකුත්වන රියදුරු බලපත්‍ර සඳහා මාස තුනක සහන කාලයක් ලබා දී තිබෙනවා.

Related

Top 961938316067571770

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item