බොරැල්ල - පිටකොටුව බස් ප්‍රමුඛතා මංතිරුව නීතිය ක්‍රියාත්මකයි

බොරැල්ල සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතිරුව ක්‍රියාත්මක කර තිබෙනවා. උදෑසන 6 සිට 9 දක්වා කාලය තුළ එම වැඩපිලිවෙල ක්‍රියාවට නැංවූ බවයි ...



බොරැල්ල සිට පිටකොටුව දක්වා බස් ප්‍රමුඛතා මංතිරුව ක්‍රියාත්මක කර තිබෙනවා.

උදෑසන 6 සිට 9 දක්වා කාලය තුළ එම වැඩපිලිවෙල ක්‍රියාවට නැංවූ බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා සඳහන් කළේ.

පුද්ගලික බස්, ජංගම බස්රථ, මගී ප්‍රවාහන බස් රථ මෙන්ම මගීන් 20 ට වැඩි පුද්ගලික බස් රථ ද මෙම මංතීරුවේ ධාවනය සඳහා අවසර හිමිවන බව හෙතෙම සඳහන් කළා.

මෙහි පළමු අදියර ලෙස ජූනි මස 8 වන දින සිට ගාලු පාරේ මොරටුව සිට ඕල්කට් මාවත දක්වා ක්‍රියාත්මක කෙරුණා.



Related

Top 5038701605146426397
item