ක්‍රිකට් පාවා දුන් චෝදනාව ගැන ICC, මහින්දානන්දගෙන් ප්‍රශ්න කිරීමට යයි

2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්දාන...



2011 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවට පාවා දුන් බවට එවකට සිටි ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය තීරණය කර ඇති බව වාර්තා වනවා.

අයි.සී.සී නිළධාරියෙකු සඳහන් කර ඇත්තේ අදාළ චෝදනාව පිළිබඳ  විමර්ශනය කිරීමට ප්‍රමාණවත් කරුණු තිබේදැයි සොයා බැලීමට හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා සමග සාකච්ඡා කරන බවයි.

ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ක්‍රීඩකයින් විසින් නොව නිළධාරීන් පිරිසක් විසින් පාවා දුන් බවට මහින්දානන්ද අලුත්ගමගේ මහතා පසුගියදා චෝදනා කළා.

 කෙසේ වෙතත්, එවකට සිටි තේරීම් කමිටු සභාපතිවරයා වන අරවින්ද ද සිල්වා මහතා ද, එවකට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා වූ කුමාර් සංගක්කාර මෙන්ම හිටපු නායක මහේල ජයවර්ධන ද මෙම චෝදනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටියා.

Related

Top 4422276762332400598
item