එජාප තීරණයට එරෙහි වාරණ නියෝගයක් නිකුත් කිරීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්...



හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයින් අනූ නව දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

තම නියෝජිතයන් එක්සත් ජාතික පක්ෂයේ සාමජිකත්වයෙන් නෙරැපීම අභියෝගයට ලක්කරමින් සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා විසිනුයි මෙම නඩුව ගොනු කර තිබුණේ.

මීට අදාළ තීන්දුව අද දින දිසා විනිසුරු අමාලි රණවීර මහත්මිය විසින් ප්‍රකාශයට පත් කළා.

වාරණ නියෝගය අයැද සිටීමේදී පැමිණිලි පාර්ශ්වය සත්‍ය කරුණු අධිකරණයට අනාවරණය කිරීම අවශ්‍ය බැවින් වාරණ නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි විනිසුරුවරිය ප්‍රකාශ කළේ.

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිං
හ, මහලේකම් අකිල විරාජ් කාරියවසම් සහ පක්ෂ උප නායක රවි කරුණානායක ඇතුළු පිරිසක් මෙහි විත්තිකරුවන් ලෙසට නම් කර තිබෙනවා.
කෙසේ වෙතත් මෙම නඩුවේ වග උත්තරකරුවන් වන එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ශ්වයන් වෙත නොතීසි නිකුත් කොට නඩුව ජූලි මස 27 දා යළි කැදවීමටයි දිසා විනිසුරුවරිය තවදුරටත් නියෝග කළේ.

Related

Top 690960664993596815

Follow Us

Hot in week

Connect Us

Write to us abctvradio@gmail.com
item